කොවිඩ් නිසා වරෙන්තු නිකුත් කිරීමත් නවතී

378

දිනෙන් දින රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගත තත්ත්වය හා රජය විසින් පනවා ඇති පළාත් සංචරණ සීමා නිසා අධිකරණ හමුවට නොපැමිණෙන සැකකරුවන්ට හෝ විත්තිකරුවන්ට හෝ වරෙන්තු නිකුත් නොකරන ලෙසත් ඉතා අත්‍යවශ්‍ය නඩු කටයුතු පමණක් විවෘත අධිකරණ හමුවේ කැඳවීමට පියවර ගන්නා ලෙසත් අධිකරණ සේවා කොමිෂන් සභාව මහෙස්ත‍්‍රාත්වරුන්ට හා විනිසුරුවරුන්ට උපදෙස් ලබාදී ඇත.

මහෙස්ත‍්‍රාත් අධිකරණ හමුවේ අලූතින් ගොනු කරනු ලබන පැමිණිලිවලට අදාළ සැකකරුවන් පමණක් තදබදය අවම වන අයුරින් විවෘත අධිකරණ හමුවට කැඳවීමේ අවසරය ඇතත් සෙසු සැකකරුවන් හා විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ නියෝජනය ප‍්‍රමාණවත් බවත් අධිකරණ සේවා කොමිෂන් සභාව නිකුත් කළ එකී චක‍්‍රලේඛය මගින් උපදෙස් ලබාදී තිබේ.

මහාධිකරණ හමුවේ ගොනු කර ඇති ඇප අයැදුම්පත් ප‍්‍රමුඛතාවයක් ලබාදී නීතිඥ නියෝජනයක් සහිතව පමණක් කැඳවීමේ අභියාචනය එමගින් මහාධිකරණ විනිසුරුවන් ලබාදී ඇතත් සෙසු සියලූ නඩු කටයුතු කල් තැබීමට පියවර ගන්නා ලෙසටද එමගින් උපදෙස් ලබාදී ඇත.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment