විදේශ සංචිත වැඩි කරගන්න ආණ්ඩුව සැරසෙයි

925

මහ බැංකුව සතු නිල විදේශ සංචිත මට්ටම වැඩිකර ගැනීම සඳහා කඩිනමින් පියවර ගැනීමට රජය සහ මහ බැංකුව අවධානය යොමුකර ඇත.

මේ අනුව මූලාශ‍්‍ර කිහිපයකින් එම මුදල් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව මහ බැංකුව පවසයි.

මේ අතර ඉදිරි කාලයේදී ආර්ථිකයේ විදේශ අංශය ශක්තිමත් කිරීමට උපකාරී වන ලෙස දේශීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරමින් ණය නොවන විදේශ මුදල් ගලා ඒම් ඉහළ නංවා ගැනීමට රජය අවධානය යොමු කරමින් සිටින බවද මහ බැංකුව සඳහන් කරයි.

ආර්ථිකයේ විදේශ අංශය අඛණ්ඩව අභියෝග රැුසකට මුහුණ දෙමින් සිටින අතර ඒ සඳහා විවිධ උපායමාර්ග සහ අන්‍යොන්‍ය වශයෙන් ගැළපෙන ක‍්‍රියාමාර්ග අවශ්‍ය බව ද මහ බැංකුව නිකුත් කළ නවතම මූල්‍ය ප‍්‍රතිපත්ති විවරණ වාර්තාවේ සඳහන් වේ.

ඉකුත් ජූලි මස අගවනවිට රටේ නිල සංචිත ප‍්‍රමාණය ඇ.ඩො. බිලියන 2.8ක් දක්වා අඩුවී ඇති අතර එය ප‍්‍රමාණවත්් වන්නේ මාස 1.8ක ආනයන ආවරණය කර ගැනීමට පමණක් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment