ඌවතැන්නේ සුමන හිමි රිමාන්ඩ්

495


කුලියාපිටිය පොල් තෙල් ව්‍යාපාරිකයකුගෙන් පොල්තෙල් ලබාගෙන මුදල් වංචා කළේ යැයි කියන මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමි අප්‍රේල් 05 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

ව්‍යාපාරිකයකු කරන ලද පැමිණිල්ලක් අනුව කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පැමිණිලිකාර ව්‍යාපාරිකයාගෙන් රුපියල් මිලියන දහයක පොල්තෙල් ලබාගෙන වංචා කිරීමට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

මට්ටක්කුලිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් පොල්තෙල් ලබාගෙන වංචාවක් සිදු කළේ යැයි චෝදනා ලැබ සිටින සැකකාර හිමිනමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ද වරෙන්තු නිකුත් කර තිබුණි. සැකකරු කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් ඊයේ කොළඹ මහාධිකරණයේදී අත්අඩංගුවට ගෙන අද දින කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment