IMF තෙවැනි වාරිකයටත් සැරසෙයි

289

ශ්‍රී ලංකාවට අනුමත කළ විස්තීර්ණ ණය පහසුකමේ වැඩසටහන හා සම්බන්ධ දෙවැනි සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2023 මාර්තු මාසයේදී විස්තීර්ණ ණය පහසුකම අනුමත කළ අතර එමගින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක් අනුමත විය.

මෙම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලනාධිකාරිය සහ විධායක මණ්ඩලය මගින් ඉදිරියේදී අනුමත කළ යුතුය.

විධායක මණ්ඩල එකඟතාවය ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 337කට හිමිකම් ලැබෙයි.

එය විස්තීර්ණ ණය පහසුකමේ තෙවැනි වාරිකය වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment