දෙමටගොඩ චමින්දගේ ඥාති පුතාට ගිනි අවියක් ගන්න පොලිසියෙන් නිර්දේශ දීලා

252

භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම ලැබ සිටින පාතාල කල්ලි නායක දෙමටගොඩ චමින්දගේ වැඩිමහල් සොහොයුරාගේ පුත‍්‍රයාට ආරක්‍ෂක අමාත්‍යාංශය හරහා පිස්තෝලයක් ලබා ගැනීම සඳහා පොලිස් ස්ථානයකින් නිර්දේශ ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ආරක්‍ෂක අමාත්‍යාංශය හරහා මෙම පිස්තෝලය ලබා ගැනීමට උත්සාහ කර ඇත්තේ දෙමටගොඩ චමින්දගේ වැඩිමහල් සොහොයුරු වන දෙමටගොඩ රුවන් නමැත්තාගේ පුත‍්‍රයාව බව මේ වන විට අනාවරණය වී තිබේ.

දෙමටගොඩ චමින්දගේ සොහොයුරාට මේ වන විට විවිධ චෝදනා රැුසක් එල්ලවී තිබෙන බවද පොලිසිය පවසයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් කීප දෙනකුගෙන් මේ වන විට ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිතය. දෙමටගොඩ රුවන්ගේ පුත‍්‍රයා ආරක්‍ෂක අමාත්‍යාංශය හරහා පිස්තෝලයක් ලබා ගැනීමට දෙමටගොඩ පොලිසිය වෙත ඉල්ලූම් පත‍්‍රයක් ඉදිරිපත් කර ඇති අතර පොලිසිය මගින් එම නිර්දේශය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත ඉදිරිපත් කර ඇත.

මෙම ගිනි අවිය ලබා ගැනීමට උත්සාහ කරන්නේ දෙමටගොඩ චමින්ද නමැති පාතාල නායකයාගේ ඥාති පුත‍්‍රයා විසින් බවට ලැබුණු තොරතුරක් මත ඒ සඳහා නිර්දේශ ලබාදීම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් නතර කර තිබේ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment