ශ්‍රීලනිප තනතුරුවලින් ඉවත් නොකරන්නැයි නිමල් සිරිපාලගේ ඉල්ලීම ඉවතට

149

පෙත්සම් විභාගය අවසන් වනතුරු තමා දැරූ ශ්‍රීලනිප උප සභාපති ධුරය ඇතුළු තනතුරුවලින් ඉවත් කිරීම වළක්වන තහනම් නියෝගයක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත නිකුත් කරන්නැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ඊයේ (5 දා) ප්‍රතික්‍ෂේප කළාය.

නිමල් සිරිපාල ද සිල්වා මහතා ගොනු කර තිබූ පෙත්සම කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් එම ඉල්ලීම කළේය.

එම පෙත්සම සලකා බැලීම සඳහා ලබන මාර්තු 7 වැනිදා යළි කැඳවීමට ද විනිසුරුවරිය දින නියම කළාය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment