පේරාදෙණිය සරසවිය අසූවියට පාතබයි – ජූලි 01දා සරසවිය සැමට නැරඹිය හැකියි

166

මහජනතාවට පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රය නැරඹීම සඳහා ජූලි මස පළ වෙනි දිනය වෙන් කර තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට වසර අසූවක් පිරීම නිමිත්තෙන් මෙය සංවිධානය කරනු ලබන්නේ විශ්වවිද්‍යාල පරිපාලන ඒකකය විසිනි.

” open day˜ නමින් නම් කොට ඇති මෙම අවස්ථාව විශ්වවිද්‍යාල ඉතිහාසයේ කිසි දිනෙක සිදු නොවූ සිදුවීමක් බව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මාධ්‍ය ප්‍රකාශක ටෙරන්ස් මධුජිත් මහතා පවසයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සුන්දරත්වය සියැසින්ම විඳගැනීමට මෙන්ම විශ්වවිද්‍යායීය ආචාර්ය මණ්ඩලය හා විද්‍යාර්ථයින් හමුවීමටත්, ඔවුන් සමඟ සාමූහිකත්වයෙන් කටයුතු කර විවිධ අංශයන්ගේ හා විවිධ පාඨමාලාවන්ගේ අධ්‍යාපන පරාසයන් පිළිඹඳව අවබෝධයක් ලබාගැනීමටත් මෙම විවෘත දිනයේදී ”‍”open day- 2023˜‍”‍ මහජනතාවට අවස්ථාව සැලසේ.

එසේම එදින විශ්වවිද්‍යාලයට පැමිණෙන ඔබට විශ්වවිද්‍යාලය වටා මාර්ගෝපදේශනය සහිත චාරිකාවන්ට සහභාගි වීමට, විද්‍යා ප්‍රදර්ශනයන් නැරඹීමට මෙන්ම නර්තන, ගායන හා සංස්කෘතිකාංගයන්ගෙන් සමන්විත අංගයන්ද දැක බලා ගැනීමට අවකාශය සැලසෙනු ඇත. එසේම ආහාර පාන වර්ග සහිත වෙළඳ කුටි මෙන්ම විද්‍යාර්ථයින්ගේ සමිති හා සමාජයන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඉදිවූ ප්‍රදර්ශන කුටි විශාල ප්‍රමාණයක්ද උත්සව භූමිය තුළදී ඔබට දැකගත හැක. තවද උසස් අධ්‍යාපනය පිළිබඳ ඔබේ ගැටළු හා විමසීම්වලට පිළිතුරු ලබාදීමට ඒ සෑම ස්ථානයකම රැඳී සිටින විද්‍යාර්ථයින් සමඟ ඔබට අදහස් හුවමාරු කර ගැනීමටද ඉඩ හසර සැලසෙනු ඇත.

එපමනක් නොව විශ්වවිද්‍යාලය සතු විද්‍යාගාර පහසුකම්, පුස්තකාල පහසුකම් හා අනෙකුත් අධ්‍යාපනික සම්පත් මෙන්ම කලා කටයුතු සම්බන්ධ විශේෂිත ස්ථානයන් හා තත්වයන් පිළිබඳව විශ්ලේෂණය කිරීමට ද මේ මගින් අවස්ථාව හිමිවේ. යම් දිනයක පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත් වීම උසස් පෙළ හදාරණ සිසුවකුගේ සිහිනයක් නම් එදිනට පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ ඔබ වෙනුවෙන් මඟ බලා සිටින පර්යේෂණ හා නව නිපැයුම් අවස්තා හඳුනා ගැනීමටද මෙය මහඟු‍ අවස්ථාවකි.
සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment