රෝහිත් ගෙදර යවනු – ඉන්දීය ක්‍රිකට් ලෝලියෝ එක හඬින් කියති

3838

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු රාහුල් ද්‍රාවිඩ් ටෙස්ට් ලෝක කුසලාන අවසාන මහා තරගයෙන් තම කණ්ඩායම පරාජයට පත්වීමෙන් පසු ඉතා බලවත් ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත චෝදනාවක් එල්ල කර ඇත.

“මම කවදාවත් සතුටු වෙන්නේ නැහැ:” අවසන් තරගයේදී ඉන්දියාව ලද දරුණු පරාජයෙන් පසු කලකිරුණු රාහුල් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ප්‍රහාරයක් දියත් කරයි” යනුවෙන් එම පුවත ඉන්දීය මාධ්‍ය ඉහළින් වාර්තා කර තිබිණි. එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තරගය අවසානයේ රාහුල් ද්‍රාවිඩ් මෙලෙස පවසා තිබිණි. “පුහුණුකරුවෙකු ලෙස අපගේ සූදානම ගැන මම කිසි විටෙකත් සතුටු වෙන්නේ නැහැ.. නමුත් එය යථාර්ථයයි. මට ඒ ගැන කිසිවක් කරන්න බැහැ. කාලසටහන පටුයි. ක්‍රීඩකයන් අවසන් තරගයට සති තුනකට පෙර මෙහි පැමිණ පුහුණු තරග කිහිපයක් ක්‍රීඩා කළේ නම් ඔවුන් මීට වඩා හොඳින් සූදානම් වීමට ඉඩ තිබුණා මට පැමිණිලි කිසිවක් නැත. නමුත් අපේ ක්‍රීඩාව මත වැඩ කරන්න වෙනවා කොහොම නමුත් මම ඔස්ටේ්‍රලියාවට සුබ පතනවා,” ඔහු වැඩිදුරටත් පවසා තිබිණි.

ඉන්දීයාව ලෝක කුසලාන අවසන් තරගයේදී ඔස්ටේ්‍රලියාව හමුවේ නින්දා සහගත පරාජයක් ලැබීම එරට ක්‍රීඩා ලෝලීන් මෙන්ම ක්‍රිකට් විචාරකයන්ද කෝපයට පත්කර ඇත. මේ පරාජයෙන් පසු හිටපු ඉන්දීය පුහුණුකරු රවී ශාස්ත්‍රි ඉන්දීය ප්‍රිමියර් ලීගය ද නැත්නම් ඉන්දීය ක්‍රිකට් ද යන දෙකෙන් එකක් තෝරා ගැනීමට ක්‍රීඩකයන් මෙන්ම පාලක මණ්ඩලයද තීරණයක් ගතයුතු බව පිළිබඳ ප්‍රකාශ කර තිබේ. මෙය ඉන්දීය ක්‍රීඩකයන්ට එල්ල කෙරෙනු දරුණු සරදමකි.

ස්ටාර් ස්පෝර්ට්ස් වෙත අදහස් දක්වමින් රවී ශාස්ත්‍රි මෙලෙස පවසා තිබිණි. ඔබ ප්‍රමුඛතා තැබිය යුතුයි නේද? ප්‍රමුඛතාවය කුමක්ද? ඉන්දියාව හෝ ෆ්‍රැන්චයිස් ක්‍රිකට්? ඔබ එය තීරණය කළ යුතුයි. අයි පී එල් ද වැදගත් නැත්නම් ලෝක කුසලාන අවසන් තරගයද? ක්‍රීඩාවේ භාරකරු ලෙස පාලක මණ්ඩලයේ ලොක්කන් තීරණයක් ගත යුතුයි. අයි පී එල් කොන්ත්‍රාත්තුවේ වගන්තියක් තිබිය යුතුයි ඉන්දියාවේ අවශ්‍යතාවය අනුව ක්‍රීඩකයෙක් ඉවත් කරලා ගන්න. එය කිරීමට ඔවුන්ට අයිතියක් තියෙනවා.”

මේ අතර කෝපයට පත් ඉන්දීය ක්‍රිකට් රසිකයින් සිය ට්විටර් ගිණුම් හරහා ප්‍රකාශ කරන්නේ රෝහිත් ශර්මා විශ්‍රාම ගතයුතු බවයි. එක් ට්විටර් සටහනක මෙලෙස සටහන්ව තිබිණි. පූර්ණකාලීන නායකත්වයෙන් පසු රෝහිත් ෂර්මා: ආසියානු කුසලානය පැරදුණා: විස්සයි-20 ලෝක කුසලානය පැරදුනා.

ලෝක ශූරතා ටෙස්ට් අවසන් තරගය අහිමි වුණා: මොහු ඉවත් කළ යුතුය.”

මේ අතර හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්බීර් ප්‍රකාශ කර ඇත්තේ එක් එක් ක්‍රීඩකයන් මත මහත් බලාපොරොත්තු තැබීම එක් ක්‍රීඩකයෙක් පමණක් වන්දනාමානයට පත් කිරීම හේතුවෙන් ඉන්දීයාව පරාජයට පත්වන බවයි. එක් ක්‍රීඩකයා නොව කණ්ඩායම වැදගත් බව ඔහු කියයි. ඔහුගේ ට්විටර් පණිවුඩයේ මෙලෙස සඳහන් විය. “අපේ රට කණ්ඩායම් උමතුවක් නොවේ, එය තනි පුද්ගල උමතුවක්. අපි අපේ කණ්ඩායමට වඩා විශාල එක් එක් ක්‍රීඩකයා වන්දනා කරනවා. නමුත් එංගලන්තය, ඔස්ටේ්‍රලියාව, නවසීලන්තය කණ්ඩායම විශාලයි. එක ක්‍රීඩකයා නොවේ”

කවරක් නමුත් ඔහු මේ පරාජය නායකයා මත පමණක් පටවන්නේ නැත. ඒ ගැන ගෞතම් මෙසේ පවසා තිබිණි. අද පැරදුනේ රෝහිත් ෂර්මා පමණක් නොව ඉන්දියාවයි. නායකයෙකුට සැලසුම් කළ හැක්කේ සැලසුම් පමණක් නමුත් එම සැලසුම් ක්‍රියාත්මක කිරීම ක්‍රීඩකයන්ට භාරයි. පන්දු යවන්නන් නිසා අපට ආසියා කුසලානය, 20/20 ලෝක කුසලානය මෙන්ම ටෙස්ට් අවසන් මහා තරගයත් අහිමි වුණා”
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment