නවදිල්ලි නෝර්වේ තානාපතිනිය අනුර කුමාර දිසානායක හමුවෙයි

116

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ නවදිල්ලියේ නොර්වේ තානාපතිනි මේ එලින් ස්ටෙනර් ( May-Elin Stener) මහත්මිය අතර හමුවක් ඊයේ 02 වැනිදා ජ.වි.පෙ. ප්‍රධාන මූලස්ථානයේ දී සිදුවිය.

මෙම හමුව සඳහා නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් ජෝන් ජෙක්මර් Bjerkem මහතාද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය සහෝදරිය සහ ජාතික විධායක සභික විජිත හේරත් සහෝදරයාද එක්ව සිටියහ.

නවදිල්ලි නෝර්වේ තානාපතිනිය අනුර කුමාර දිසානායක හමුවෙයි

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සහ මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්ත්වය දීර්ඝ වශයෙන් දෙපාර්ශ්වයේ සාකච්ඡාවට බඳුන් වී තිබේ. එසේම ජාතික ගැටලුවේ වත්මන් වර්ධනයන් පිළිබඳව ද මේ වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව ඇත. නොර්වේ රාජ්‍යය විසින් ශ්‍රී ලංකාවට කරමින් සිටින ආධාර පිළිබඳව ද දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද මෙවර ශ්‍රී ලංකාවට පැමිණි පසු කරනු ලබන පළමු හමුව බවද තානාපතිවරිය විසින් පෙන්වා දී තිබෙ.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment