සංගණන කටයුතුවලින් ඉවත් වෙනවා පිට අයට තොරතුරු දෙන්න එපා – ග්‍රාම නිලධාරී සංගමය

155

නිවසින් නිවසට ගිහින් කරන සංගණන කටයුත්ත කරන්නේ ග්‍රාමනිලධාරීන්. මේ කටයුතු වෙනුවෙන් ලබාදෙන දීමනාව මදි. මේ නිසා සංගණන කටයුතු අපි දින 14කට අත්හිටුවනු ලැබුවා. මේ නිසා ආණ්ඩුව ඒ වැඩ කටයුත්ත වෙනත් පිරිසකට පවරන්න යනවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබේ පෞද්ගලික තොරතුරු ලබාගන්න නිවසට, ව්‍යාපාරික ස්ථානයට එන ග්‍රාම සේවා නිලධාරීන් නොවන අයට කිසිම තොරතුරක් දෙන්න එපා කියලයි” යැයි ශ්‍රී ලංකා ග්‍රාමනිලධාරි සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා ‘දිවයින’ට ඊයේ (01 වැනිදා) පැවසීය. මුදල් අමාත්‍යාංශයට අදාළ ගැටලු ගැන ලිඛිතව දන්වා ඇතත් ඒ ගැන අවධානය යොමු නොකිරීම නිසා මෙම තීරණයට එළැඹි බව ද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ හෙතෙම මෙසේ ද කියා සිටියේය.

ඒ අනුව සංගණන කටයුත්ත කරන්න සූදානම් වෙද්දි මේ නිවසක ලේබල් එකක් අලවන්න ග්‍රාමනිලධාරියකුට රුපියල් 30 දීමනාවක් ගෙවන්න සූදානම් කරලා. මේවා අසාධාරණ ක්‍රියා. ඒ වගේම මේවා ගහන්න යන්න සහායක දීමනාවකුත් ඉල්ලා තිබෙනවා. මාසකට පෙට්‍රල් දීමනාව දෙන්නේ රුපියල් 600 යි. ගැටලු ගොඩයි. මේ තත්ත්වය තුළ මේවට විසඳුම් දෙනතුරු අපි දින 14 ක් සංගණන කටයුතුවලින් ඉවත් වෙන්න තීරණය කළා. එහෙම වෙද්දි රජය වෙනත් පිරිසක් යොදවලා සංගණන කටයුත්ත කරන්න හදනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment