කොළඹ ආනන්ද විදුහලේ ඩිමත් හංසජ එස්.එල්.පී.එල් තරගාවලියට

278

කොළඹ ආනන්ද මහා විද්‍යාලයීය 19 පහළ ක‍්‍රිකට් කන්ඩායම නියෝජනය කරනු ලබන ඩිමත් හංසජ ජයසිංහ මෙවර පැවැත්වෙන එස්.එල්.පී.එල් තරගාවලියේ බස්නාහිර පළාත් කණ්ඩායම සදහා තෝරා ගෙන ඇත. කනිෂ්ඨ කි‍්‍රකට් ක‍්‍රීඩකයෙකු ලෙස ආනන්ද විද්‍යාලයීය 16 පහළ ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට පිවිස පසුගිය වර්ෂයේ වර්ණ ලාභියෙකු ලෙස ආනන්ද විද්‍යාලයීය 19 පහළ ක‍්‍රිකට් කන්ඩායමට එක්වූ ඩිමත් හංසජ එම වසරේ පැවති ආනන්ද නාලන්දා මහා ක‍්‍රිකට් තරගයේදී ඉනිමක පරාජයකින් ආනන්ද විද්‍යාලය බේරා ගැනීමට අභියෝගාත්මක දෙවන ඉනිමේදී නොදැවී ලකුණු 89ක් රැස්කර ගනිමින් ලකුණු 29 ලබාගත් දසුන් තාරක සමගින් හතරවන කඩුල්ල සඳහා වාර්තාගත ලකුණු 111 සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමට සමත් විය.

 පිතිකරණයේ මෙන්ම දකූණත් දඟ පන්දු යවන්නෙකු ලෙසත්, පන්දු රකින්නෙකු ලෙසත් සිය කුසලතාවයන් මෙතෙක් ආනන්ද වි්‍යාලයීය කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් වෙනුවෙන් ලබාදී ඇති ඩිමත් හංසජ එස්.එල්.පී. එල් තරගයේදී බස්නාහිර පළාත් කණඩායමේ ජයග‍්‍රහණය වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබා දෙන බව වැඩිදුරටත් පවසා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment