ආර්පිකෝ ඉන්ෂුවරන්ස් සමාගම Emerging Asia Insurance Conclave and Awards 2023 සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍රවෙයි

53

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර ජාලයක්වන රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත, මෙරට වඩාත් විශ්වාසනීය ජීවිත රක්ෂණ සමාගමක් ලෙස ප්‍රකට ආර්පිකෝ ඉන්ෂුවරන්ස් සමාගම, Emerging Asia Insurance Conclave and Awards 2023 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ රක්ෂණ ව්‍යාප්තිය වෙනුවෙන් අනුගමනය කළ හොඳම ක්‍රමෝපාය සඳහා වන සම්මානය දිනාගැනීමට සමත්විය. Indian Chamber of Commerce විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල ඉන්දියාවේ මුම්බායිහිදී මෙවර පැවැත්වුණේ සිව්වැනි වරටය.

ආසියානු කලාපයේ විශිෂ්ට රක්ෂණ සේවා සමාගම්වල ජයග්‍රහණ ඇගයීම සහ බුහුමන් දැක්වීම මෙම සම්මාන උළෙල හරහා අපේක්ෂා කෙරේ. ආසියානු කලාපය තුළ රක්ෂණ කර්මාන්තය වැඩිදියුණු කිරීම සහ ප්‍රවර්ධනය කිරීම ද සම්මාන උළෙලේ තවත් අරමුණකි.

advertistmentadvertistment
advertistmentadvertistment