සුමති සම්මාන උළෙල පෙබරවාරි 20 දා

180

27 වැනි වරටත් පවත්වනු ලබන තුන් හෙළයේ මහා කලා මංගල්‍යය “සුමති ටෙලි සම්මාන උළෙල 2024” නිර්දේශිත නාමයන් එළිදැක්වීමේ නිල අවස්ථාව පසුගිය දා කොළඹ MOVENPICK හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි. මෙහි දී නිල වශයෙන් 2022 වසර සඳහා නිර්දේශිත නාම 17ක් ප්‍රකාශයට පත් කරන ලදී.

නිර්දේශිත නාම ප්‍රකාශයට පත් කිරීමේ නිල උත්සවය ජනවාරි මස 17 වැනිදා MOVEN PICK හෝටල් පරිශ්‍රයේ දීම පැවැත්වීමට නියමිත අතර සුමති ටෙලි සම්මාන උළෙල 2024 පෙබරවාරි මස 20 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර මොනෑච් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.

2024 සුමති සම්මාන රාත්‍රියේ දී ඔබගේ හද දිනූ ජනප්‍රියම තරුව, තාරකාවිය, ටෙලිනාට්‍ය සහ රූපවාහිනී වැඩසටහන අභිෂේක ගැන්වීමට මෙරට වෙසෙන ආදරණීය ප්‍රේක්ෂකයන්ට මෙන්ම එතෙර සිටින ආදරණීය ප්‍රේක්ෂක ඔබට ද මෙවරත් www.Sumathiawards.lk වෙබ් අඩවිය හරහා අවස්ථාව හිමි වේ.

advertistmentadvertistment
advertistmentadvertistment