මේක දමිළ කොපියක් නෙමෙයි – අධ්‍යක්ෂ ක්‍රිස් ඇන්තනී

“පාස්පෝට්” සිනමා නිර්මාණය සහ “අපේ ප්‍රින්සිපල්” යන සිනමා නිර්මාණ අධ්‍යක්ෂණය කළ ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්‍රයට පායා එන නවක අධ්‍යක්ෂවරයෙක් ලෙසින් අපට ක්‍රිස් ඇන්තනීව හඳුන්වන්නට පුළුවනි. ඔහුගේ මංගල සිනමා අධ්‍යක්ෂණය වන “පාස්පෝට්” සිනමා පටයත් තව මාස දෙකකින් පමණ තිරගතවන බවට අපට පැවසවේය. මේ කතාබහ ක්‍රිස් අධ්‍යක්ෂණය කළ “අපේ ප්‍රින්සිපල්” සිනමා පටය පිළිබඳවයි. “අපේ ප්‍රින්සිපල්” සිනමා නිර්මාණය ඊයේ 14 වැනිදා සිට සැවෝයි සිනමා වසන්තය අභිනව මහා තිර මංගල්‍යය සිනමා උළෙලේ දී තිරගත කිරීමට ආරම්භ විය.
තර්ජන මැද්දේ ප්‍රින්සිපල් වැඩ භාරගනී

“අපේ ප්‍රින්සිපල්” සිනමා පටය කියන්නේ ඔබේ දෙවන අධ්‍යක්ෂණය. ඒ ගැන මොකද හිතෙන්නේ?

ඇත්තට ම මේ චිත්‍රපටය ගැන මම මුලින්ම කියන්න කැමැතියි, මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ මත්ද්‍රව්‍ය උවදුර. ඒක තේමාවක් කරගෙන දරුවන් දෙමාපියන් එක්ක තියෙන සම්බන්ධකම් නැති නිසා ඇතිවන ප්‍රශ්න තේමාවක් කරගෙන තමයි මම මේ චිත්‍රපටය නිර්මාණය කළේ. ඇත්තට ම මේක මිනිස්සු අතරට යන එක, සමාජගත වීම ඉතාමත් සතුටුයි. ඒකට ප්‍රධාන හේතුව තමයි දැන් ඉන්න තරුණ පරපුර ගොඩක් ඉන්නෙ ජංගම දුරකථනයත් එක්ක.

එතකොට ඒ අයට මේ වගේ පණිවිඩයක් අපි දෙන්න ඕනේ චිත්‍රපටයක් හෝ වීඩියෝ පටයක් මගින්. මොකද ඔවුන් පොත්, පත්තර කියවනවා අඩුයි. ඉතින් මේ චිත්‍රපටය තිරගත වීමත් ඉතා ම සතුටුදායකයි. මේ චිත්‍රපටය මෙවැනි වකවානුවක ලංකාවට අතිශයින්ම වැදගත් පණිවිඩයක් දෙන චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්.

මෙය “රාච්චසි” දමිළ චිත්‍රපටයේ කොපියක් කියලත් සමහරු කියනවා.?

ඒක මමත් දැක්කා. සමහර අය මටත් කියලා තිබුණා. මෙහෙමයි, මම දමිළ ජාතිකයෙක්. මම බලන්නෙම මළයාලම් දමිළ චිත්‍රපට. ඉතින් මේක ගැන මම කතා කරන්න කැමැතියි, මොකද මේ චිත්‍රපටය මම තෝර ගත්ත මේ චරිතයන්ට දෙමළ සංස්කෘතියට අයත් ඇඳුම් තමයි මම ඕනෑකමින්ම යොදා ගත්ත. ඒකට හේතුව මේ ඇඳුම් මෝස්තර දැක්කමත් මිනිස්සුන්ට චිත්‍රපටය බලන්න එන්න හිතෙනවා. ඉතින් ඒ දමිළ චිත්‍රපටයයි, මේකයි සම්පූර්ණයෙන්ම වෙනස්. මේක ඒකේ කොපියක් නෙමෙයි. ඒකට හේතුව මගේ සිනමාපටයේ තියෙන්නෙ වෙනම ම කතා සංකල්පයක. මත්ද්‍රව්‍ය සහ විද්‍යුත් උපාංග සමග ළමයි පොරබඳින එක සහ දරුවන් සමග දෙමාපියන්ගේ සම්බන්ධය අඩු එක පිළිබඳව තමයි, මම කතා කරන්නේ.

මේ සිනමාපටය අධ්‍යක්ෂණයේ දී ඔබට මොනවගේ අර්බුදවලට ද මුහුණ දෙන්නට සිද්ධ වුණේ?

පටන් ගැන්මේ දීම අර්බුද තමයි, හොඳ නිෂ්පාදකවරයෙක් සොයා ගන්න එක. කොහොම හරි ඊට පස්සෙ අපිත් එක්ක සම්බන්ධ වුණා ඉන්දික විමලරත්න සහ උපුල් ධර්මසේන. රූගත කිරීම්වලදීත් විවිධ අභියෝගවලට මුහුණ දුන්නා. මොකද ළමයිත් එක්ක තමයි රූගත කිරීම් කරන්න සිද්ධ වුණේ. මත්ද්‍රව්‍ය භාවිත කරපු කෙනෙක් ඉන්නේ කොහොමද කියන විදිය බලලා ප්‍රධාන චරිතය කරපු දරුවව ඊට අනුව හැඩ ගස්වන එක ලොකු අභියෝගයක් වුණා. ඒ වගේ ම මේ වගේ සිනමාපටයක් සමාජය පිළිගනීවි ද කියන එක සම්බන්ධයෙනුත් ප්‍රශ්නයක් තිබුණා.

තර්ජන මැද්දේ ප්‍රින්සිපල් වැඩ භාරගනී

චිත්‍රපටය නිර්මාණය කරලා අවසානයේ තිරගත කරද්දී මුහුණ දුන්නෙ මොන වගේ ප්‍රශ්නවලට ද?

ඇත්තට ම මේ චිත්‍රපටය තිරගත කරන්න ලැබීම ම මට සතුටුයි. මොකද සමහර අය අපට තර්ජනය කළා මේවා රිලීස් කරන්න එපා, එහෙම කළොත් එහෙම බලාගෙනයි, අපි ඉන්නවා කියලා. නමුත් ඉතිං ඒවාට අපි බය වෙන්නේ නැහැ. මොකද නිර්මාණත් එක්ක තමයි අපේ ජීවිත අපි ගෙන යන්නේ.

විදුහල්පතිනියගේ චරිතයට දිල්හානි ඒකනායක වගේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් තෝරා ගනිද්දී, එතැනදි නවක අධ්‍යක්ෂකවරයෙක් විදිහට ඒ අභියෝගය ඔබ ජය ගත්තේ කොහොම ද?

ඇත්තට ම මට ඒ ගැන කියන්නම ඕනෑ. දිල්හානිට මම සමහර දේවල් කියනකොට එයා මගේ දිහා බලන්නෙවත් නෑ. එයා අහක බලන් ඉන්නෙ. හැබැයි එහෙම අහක බලන් ඉඳලා ඒ ඔක්කොම ටික එයා ඔළුවට දා ගන්නවා. ඒ ඔළුවට දාගෙන එක පාරින්ම රංගනයේ යෙදෙනවා. අනෙක් කාරණය තමයි, අපිට ඉස්මතු කරලා පෙන්නන්න ඕනෑවුණ ෂොට් එකක් තිබුණා. එතැන දී ඇය ඇස් වලින්, කනෙන්, නහයෙන්, කම්බුල්වලින්, මේ හැම ඉරියව්වකින්ම කතා කළා. ඒ තරම් දිල්හානි දක්ෂයි. ලේසියෙන් කෙනෙකුට එහෙම මූණේ ගොඩක් ඉරියව්වලින් රඟපාන්න බැහැ. ඇය ප්‍රවීණ රංගන ශිල්පිනියක් වුණත් මම වගේ අලුත් අධ්‍යක්ෂවරයෙක් එක්ක හරි ම සහයෝගයෙන් මිත්‍රශීලීව වැඩකළා. ඇත්තට ම දිල්හානි මට ලොකු සහයෝගයක් ලබා දුන්නා මේ චිත්‍රපටය සාර්ථක කරගන්න.

පාරමී කෞෂිකා

තර්ජන මැද්දේ ප්‍රින්සිපල් වැඩ භාරගනී
advertistmentadvertistment
advertistmentadvertistment