කසිප්පු වැටලීමට ගිය පොලිසියට වෙච්චි දෙයක්

246

යාපනයේ වඩමාරච්චි ප්‍රදේශයේ නිවසක පවත්වා ගෙන ගිය කසිප්පු ජාවාරමක් වැටලීමට ගිය අවස්ථාවේදී නිවසේ සිටි කාන්තාවකට පොලිසිය අතින් වෙඩි වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්ව ලෙස ගම්වාසීන් යාපනය පොලිසියෙන් 10 දා ඉල්ලීමක් කොට තිබේ. නමුත් මරදන්කේණී පොලිසිය සඳහන් කරණු ලබන්නේ පොලිසිය කිසිදු අයෙකුට වෙඩි තැබීමක් සිදු නොකළ බවයි. කෙසේ වෙතත් කාන්තාවක් තුවාල ලැබීමෙන් පසුව ජනතාව විසින් මරදන්කේණී පේදුරුතුඩුව මාර්ගය වසා දමා පොලිසියට ගල් මුල් වලින් පහර දෙමින් විරෝධය පළ කිරීම නිසා තුවාලකාරිය රෝහල් ගත කිරීමට ද ප්‍රමාද වී තිබේ.

තුවාල ලැබූ කාන්තාව යාපනය පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට තිබේ. මෙම ගැටුම් මැද පොලිසිය විසින් එම නිවසේ කසිප්පු අලෙවි කරන ලද කාන්තාවක් අත් අඩංගුවට ගෙන ඇති අතර ඇයව පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කොට තිබේ. මරදන්කේණී පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment