පොලිස් වෙස්ගෙන කොටහේනේ නිවසකට පැන කෝටි දෙකක  – රන් – මුදල් කොල්ල කති

259

පොලිස් නිලධාරීන් යැයි කියමින් ආයුධ සන්නද්ධව කොටහේන ශාන්ත බෙනඩික් මාවතේ පිහිටි නිවසකට ඊයේ (08 වැනිදා) උදේ කඩාවැදුණු කොල්ලකරුවන් දෙදෙනකු නිවස හිමි කාන්තාවට මරණීය තර්ජනය එල්ල කර රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමෙන් යුත් රන් ආභරණ මුදල් කොල්ල කාගෙන පළාගොස් ඇත.

ධනවත් ව්‍යාපාරිකයකුට අයත් මෙම නිවසේ ඊයේ උදෑසන සිට ඇත්තේ එම ව්‍යාපාරිකයාගේ බිරිඳ පමණි. ඊයේ උදෑසන 9.30 ට පමණ නිවසට පැමිණි පුද්ගලයන් දෙදෙනකු තමන් පොලිස් නිලධාරීන් බව කියමින් නිවසට ඇතුළු වී ඇත.

පසුව ගෙහිමි කාන්තාවගේ හිසට පිස්තෝලයක් එල්ල කර මරණීය තර්ජනය කර එහි තිබූ රුපියල් එක්කෝටි හැත්තෑ ලක්‍ෂයක් වටිනා රන් භාණ්ඩ සහ විසිපන් ලක්‍ෂයකට ආසන්න මුදල් කොල්ල කා පළාගොස් තිබේ.

සී සී ටී වී දර්ශන උපයෝගි කරගෙන කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇත.

කොටහේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කෝසල නවරත්න මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment