කුරුණෑගල රෝහලේ  රෝගීන්ගේ දත්ත ඇතුළත් ලිපිගොනු දහසක් අතුරුදන්

223

වසර කීපයකට පෙර කුරුණෑගල ශික්ෂණ රෝහලේ දරු ප්‍රසූතියට සහ විවිධ රෝග සඳහා නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගීන්ගේ දත්ත ඇතුළත් ලිපිගොනු දහසකට අධික සංඛ්‍යාවක් සැලසුම් සහගතව රෝහලේ ලේඛනාගාරයෙන් සොරාගෙන ඇති බවට රෝහලේ ලේඛනාගාරය භාර නිලධාරීයා විසින් පසුගිය 5 වැනිදා කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර ඇත.

රෝහලට ඇතුළත්වීම, රෝගී තත්ත්වය සහ ඖෂධ නිකුත් කිරීම ඇතුළු සියලු දත්ත ඇතුළත් ලිපිගොනු දහසකට අධික ප්‍රමාණයක් ලේඛනාගාරයේ ගබඩාකර තිබියදී මෙසේ අතුරුදන් වී ඇති බවත්, අතුරුදන් වී තිබෙන ලිපිගොනු ලේඛන හඳුනා ගැනීම ආරම්භ කර තිබෙන බවත් ලේඛනාගාරය භාර නිලධාරිවරයා වැඩිදුරටත් පැවසීය.

රෝහලේ ලේඛනාගාරය පළමු මහලේ පිහිටා තිබෙන බවත්, ලිපිගොනු ඉවත් කර තිබූ රාක්කය අසල ජනේලය විවෘත කර තිබූ බවත්, මෙම ලිපිගොනු ඉවත් කිරීම සැලසුම්සහගතව සිදුවී තිබේ දැයි පොලිස් පරීක්ෂණ පවත්වන බවත් කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පලාල් මහතා කියා සිටියේය.

කුරුණෑගල – ආර්.එම්.ඩබ්ලිව්. බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment