මදුරන්කුලියේදී විරෝධතාකරුවන් එළවා ගම්වාසීහු පාර අරිති

136

පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ මදුරන්කුලිය ප්‍රදේශයෙන් පසුගිය 22 වැනිදා මහා මාර්ගය වසා සිදුකළ විරෝධතාවට එරෙහි වූ ප්‍රදේශවාසීහු විරෝධතාකරුවන් එළවා දැමීමට ක්‍රියා කළහ.

මදුරන්කුලිය නගරයේ සමුපකාර ඉන්ධන පිරවුම් හලට දින ගණනාවක සිට පෙට්‍රල් ලබා නොදීමට විරෝධය පළකරමින් යතුරුපැදි කරුවන් හා ත්‍රිරෝද රථ රියැදුරන් පිරිසක් මාර්ගය වසා විරෝධතාවය පැවැත්වූහ. මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය මුළුමනින්ම ඇන හිටිණි. පැය

ගණනාවක් පැවැති මෙම විරෝධතාවය අනුමත නොකරන ප්‍රදේශවාසීන් පිරිසක්, මාර්ගය වසා දැමීමෙන් කෝපයට පත් වී එම ස්ථානයට කඩාවැදී විරෝධතාකරුවන් ඉවත් කර වාහන

ගමනාගමනයට ඉඩකඩ ලබාදීමට කටයුතු කළේය. අදාළ විරෝධතාකරුවන් බලා සිටියදීම ගම්වැසියන් මාර්ග හරස් කර තිබූ වාහන ඉවත් කර සියලුම වාහනවලට ගමන් කිරීමට ඉඩ ලබාදීමට කටයුතු කළහ.

අමරනන්ද විජේසේකර – මහවැව
 

advertistmentadvertistment
advertistmentadvertistment