ත‍්‍රස්තවාදීන්ට අනුබල දුන් හිටපු ගුවන් හමුදා නිලධාරියා දිවි ඇතිතෙක් හිරේ

506

එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන් සඳහා ආධාර අනුබලදීම, ප‍්‍රභූන් ඝාතනයට සහාය දීම හා ගිණි අවි ඇතුළු ජීව උණ්ඩ සන්තකයේ

 තබාගැනීමේ වරදට අත්අඩංගුවට පත් සැකකරුවෙකුට එරෙහිව හම්බන්තොට මහාධිකරණයේ පැවති නඩු විභාගයකදී චුදිත වැරදිකරු බවට පත්වීම හේතුවෙන් චුදිතට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් හා රුපියල් 25,000ක දඩ මුදලක් ගෙවන ලෙස හම්බන්තොට පුර්වගාමී මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා ඊයේ (06* නියෝග කෙරිණි.

 මෙලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වුයේ තිස්සමහාරාම පදිංචි දික්වැල්ල විදාන කංකානම්ලාගේ චමිල ප‍්‍රියංග නමති 44 හැවිරිදි එක් දරු පියෙකුටය.

 චුදිත තැනැත්තා 2009.05.02 වන දින එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන් සඳහා ආධාර අනුබලදීම, ප‍්‍රභූන් ඝාතනයට සහාය දීම හා ගිනි අවි ඇතුළු ජීව උණ්ඩ සන්තකයේ තබාගැනීමේ චෝදනාව යටතේ කොම්පඤ්ඤවීදිය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. චුදිත ගුවන් හමුදා නිලධාරියකු ලෙස සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහු සන්තකයේ තිබී එම්පී 05 වර්ගයේ ස්යංක‍්‍රීය ගිනි අවි 01ක්, 9 එම්එම් වර්ගයේ ජීව උණ්ඩ 90ක් හා මිලිමීටර් 7.65 වර්ගයේ ජීව උණ්ඩ 35ක් අත්අඩංගුවට ගෙන තිබේ.

 ඒ අනුව චුදිතට එරෙහිව කොම්පඤ්ඤවීදිය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මුලික විමර්ශන පවත්වා චුදිත තිස්සමහාරාම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපතිවරයා විසින් චුදිතට එරෙහිව අධි චෝදනා දෙකක් යටතේ හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.ඒ අනුව පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු චුදිතට එරෙහිව නගා තිබූ සියළු චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල සමත්වීය. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතීඥ ගෙවිදු සෙනෙවිරත්න මහතා පෙනී සිටියේය.

මත්තල – දිලීප් එන් ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment