තරුණ මදේ ඉහට ගසා හෙල්මට් ප්‍රහාරයකින් එක්දරු පියා මරු තුරුළට

426

වැලිපැන්න ප්‍රදේශයේ දී එක්දරු පියකුට හෙල්මට්වලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්න්ධයෙන් වැලිපැන්න පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් අරඹා තිබේ.

පෙරේදා (14 වැනිදා) රාත්‍රි සිදුව ඇති මෙම සිද්ධියේ දී ඝාතනයට ලක්වී ඇත්තේ වැලිපැන්න, ගල්මත්ත පදිංචිව සිටි රංග විරාජ් නමැති 34 හැවිරිදි අයෙකි.

වැලිපැන්න, ගල්මත්ත ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටියදී අවුරුදු 16 පමණ වයස්වල පසුවන තරුණයන් කිහිපදෙනකු සමග මරණකරු බහින්බස්වී තිබේ. එහිදී එම තරුණ පිරිස මරණකරුට හෙල්මට්වලින් පහරදී ඇතැයි පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.

අදාළ තරුණයන් යතුරුපැදි දෙකකින් ගමන් කරමින් සිටිය දී මරණකරු එක් යතුරුපැදියක සිටි තරුණයකු හෙල්මට් නොපැළඳ සිටීම ගැන ප්‍රශ්න කර තිබේ. එහිදී දෙපාර්ශ්වය අතර බහින්බස්වීමක් සිදුව ඇතැයි හෙළි වූ බවද පොලිසිය කියයි.

ඝාතනයට සම්බන්ධ තරුණයන් තිදෙනාව අත්අඩංගුවට ගත් බවත්, ඔවුන් මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි.

මේ පිළිබඳව වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චමින්ද සිල්වා මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මුණසිංහ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්‍ෂක විතාන, පොලිස් සැරයන් කසුන් (73159) ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, බණ්ඩාරගම – ප්‍රේමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment