අරගලය මැද්දේ ජනාධිපති මන්දිරයට පැන්න පිරිස් අල්ලන්න පරීක්‍ෂණ අරඹයි

209

අනන්‍යතාවය අනාවරණය කර ගැනීමට නොහැකිවූ සැකකරුවන් 32ක් හඳුනාගන්න මහජන සහය පතයි

 ගාලුමුවදොර අරගලය අතරතුරදී ඉකුත් 9 වැනි දින ජනාධිපති මන්දිරය තුළට ඇතුළු වී එහි දේපලවලට අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විමර්ශනයක් අරඹා ඇත. ඒ අනුව එම සිද්ධියට සම්බන්ධ බවට සමාජ මාධ්‍ය ජාලා සහ සීසීටීවී දර්ශන මගින් හදුනාගත් මෙතෙක් අනන්‍යතාව අනාවරණය කර ගැනීමට නොහැකිවූ සැකකරුන් 32 දෙනකු හදුනාගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි. එම සැකකරුවන්ගේ ඡායාරූප ඉහතින් දැක්වෙන අතර ඒ පිළිබඳ තොරතුරක් ඇතොත් දුරකථන අංකය 0718591559, 0718085585, 011-2391358 සහ 1997 අංක වලට දැනුම් දෙන ලෙසද පොලිසිය ඉල්ලයි.

advertistmentadvertistment
advertistmentadvertistment