ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් මුදාගත් බව යුක්‍රේන ජනපති කියයි

261

යුක්‍රේනයේ කාර්කිව් ප්‍රදේශයේ රුසියානු හමුදා ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් හත් දෙනෙකු මුදාගත් බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.රුසියානු හමුදා විසින් අදාළ ප්‍රදේශය අත්පත් කරගත් පසුගිය මාර්තු මාසයේ සිට එම ශ්‍රී ලාංකිකයින් පිරිස රඳවාගෙන සිට ඇති බව යුක්‍රේන ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත. මෙම ශ්‍රී ලාංකිකයින් 07 දෙනා යුක්‍රේනයේ Kupiansk වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුන් පිරිසක් බව ද යුක්‍රේන ජනාධිපතිවරයා අනාවරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment