ඉවත දමන අපද්‍රව්‍යවලින් භාගයක්ම ආහාර

160

අධ්‍යයනයකින් හෙළි වෙයි

මෙරට ප්‍රධාන පළාත් පාලන ආයතන මගින් දිනකට එකතු කරන මුළු අපද්‍රව්‍යවලින් සියයට 56 ක් පමණ ආහාර අපද්‍රව්‍ය වන බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය විසින් සිදු කර ඇති අධ්‍යයනවලදී අනාවරණය වී තිබේ.

මේ අනුව පළාත් පාලන ආයතන විසින් දිනකට එකතු කරන ආහාර අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 4000 කට ආසන්න බව එම අධ්‍යයනයේදී හෙළි වී තිබේ. අදාළ ආයතන විසින් මෑතකදී බස්නාහිර පළාතේ පිහිටි කරදියාන, කෙරවළපිටිය හා කඩුවෙල යන අපද්‍රව්‍ය බැහැර කරන මධ්‍යස්ථාන තුන ආශ්‍රිතව සිදු කර ඇති අධ්‍යයනයකට අනුව එම මධ්‍යස්ථානවලට දිනකට එකතු වන මුළු අපද්‍රව්‍ය ප්‍රමාණයෙන් සියයට 55ක් හෙවත් ටොන් 724ක් ආහාර අපද්‍රව්‍ය වේ.

සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව මෙවැනි ආහාර නාස්තියක් සිදු වන්නේ නිෂ්පාදනය, සැකසීම, ප්‍රවාහනය හා පරිභෝජනය යන ක්‍රියාදාමවලදී වන අතර එම ක්‍රියාදාමවලදී ආහාර අපතේ යෑම වැළැක්වීමෙන් රටට ඉහළ ආර්ථික ප්‍රතිලාභයක් අත් කරගැනීමට මෙන්ම මහජනතාවගේ ආහාර අවශ්‍යතා සඳහා එක් අයකුට වැය වන මුදල සැලකිය යුතු ලෙස අඩු කරගැනීමටද හැකිවනු ඇත.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment