පියා පැදවූ ට‍්‍රැක්ටරයට යටවී පුංචි පුතා ජීවිතක්ෂයට

291

මැදිරිගිරිය,මහතලාකොළවැව ප‍්‍රදේශයේදී පෙරේදා (27) දහවල් තම පියා විසින් පැදැවූ ට‍්‍රැක්ටරයට යට වී 12 හැවිරිදි පිරිමි දරුවෙකු මරුමුවට පත්වී ඇතැයි මීගස්වැව පොලීසිය කියයි.

එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ මැදිරිගිරිය මහතලාකොළවැව යාය 08 අංක 1769 ලිපිනයේ පදිංචිව සිටි කපුගෙදර විදුර රුක්ෂාන් ධනුෂ්ක බණ්ඩාර (12) යන දරුවායි. මෙම සිද්ධිය වූ දිනයේ දහවල් තම නිවෙස ඉදිරිපිට නවතා තිබූ ට‍්‍රැක්ටරය පියා විසින් පණ ගන්වා පිටුපසට ධාවනය කිරීමට යාමේදී එම ට‍්‍රැක්ටරයේ ටේ‍්‍රලරයේ රෝදයට දරුවා යටවී තිබෙන බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබේ.

එම අනතුරින් බරපතළ තුවාල ලබා සිටි සිටි දරුවා රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් තිබේ. එම අනතුර සම්බන්‍ධයෙන් ට‍්‍රැක්ටරය පැදවූ පියා අත්අඩංගුවට ගෙන ඇත. මියගිය දරුවාගේ මරණය සම්බන්‍ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (28* පොලොන්නරුව මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි. මීගස්වැව පොලීසිය මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වයි.

කරුණාරත්න ගමගේ, අතුල සූරියබණ්ඩාර හිඟුරක්ගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment