චීන විෂ පොහොර නැව ළඟටම ඇවිල්ලා

457

විෂ කාබනික පොහොර තොගය රැුගත් ‘හිපේ ස්පි‍්‍රට්’ නමැති චීන නෞකාව ඊයේ (07 වැනිදා) පස්වරුව වන විට කළුතරට නුදුරින් මුහුදේ යාත‍්‍රා කරමින් තිබිණි.

‘මැරීන් ට‍්‍රැෆික් ග්ලෝබල් ෂිප්’ නමැති ජාත්‍යන්තර සමුද්‍ර ගමනාගමන වෙබ් අඩිවියට අනුව ඒ බව තහවුරු විය.

වරින් වර චන්ද්‍රිකා සබ`දතා විසන්ධි කරමින් ශී‍්‍ර ලංකාව වටා යාත‍්‍ර කරමින් තිබෙන මෙම චීන විෂ පොහොර නැව පෙරේදා (06 වැනිදා) වන විට ශී‍්‍ර ලංකාවේ බටහිර මුහුදු ප‍්‍රදේශය දෙසට යාත‍්‍රා කරමින් තිබිණි.

මෙම නෞකාවේ ඇති පොහොර ලබා ගැනීම ශී‍්‍ර ලංකාව විසින් ප‍්‍රතික්‍ෂේප කළ දිනයේ සිටම එය මේ අන්දමට වරෙක ශී‍්‍ර ලංකාවෙන් ඈතට යමින්ද තවත් වරෙක ආසන්නයට පැමිණෙමින්ද මෙරට මහුදු සීමාවේ යාත‍්‍රා කරමින් තිබේ.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment