ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමට ඉන්දුනීසියාවේ ඔයිල් පාම් වගාව ආදර්ශයක් – ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි දේවී ගුස්ටින් ටෝබින්ග්

98

ශ්‍රී ලංකාවේ ඔයිල් පාම් කර්මාන්තය තිරසාර වගාවක මූලධර්මයන් අනුගමනය කිරීමේදී ඉන්දුනීසියාව හා සමාන සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගෙන සිටින බව මෙරට ඉන්දුනීසියානු තානාපතිනි දේවී ගුස්ටින් ටොබින්ග් මහත්මිය පැවසුවාය.

ගාල්ල නාකියාදෙණිය ඔයිල් පාම් වතුයායේ වගාවට යොදාගෙන තිබූ කෘෂි විද්‍යාත්මක භාවිතයන් පිළිබඳ තමන්ගේ සිතේ පැහැදීමක් ඇති වූ බව සඳහන් කළ තානාපතිනිය එය ශ්‍රී ලංකාවේ තිරසාර ඔයිල් පාම් වගාවේ මිණුම් සලකුණකට උදාහරණ සපයන බවද පෙන්වා දුන්නාය.

තානාපතිනිය මෙම අදහස් පළ කර සිටියේ කෘෂිකර්මාන්තය පිළිබඳව පසුගියදා රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ පැවැති විශේෂ සම්මන්ත්‍රණය අමතමිනි.

මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ තානාපතිනිය එහිදී වැඩිදුරටත් මෙසේද සඳහන් කළාය”

මෙම සම්මන්ත්‍රණයේ මූලික අරමුණ වූයේ ජාතික හා අන්තර්ජාතික මට්ටමේ පසුබිමක් සහිත කෘෂිකාර්මික හා පාරිසරික වෘත්තිකයින්, පර්යේෂකයින් මෙන්ම විද්වතුන් එකතු කිරීමයි. වර්තමානයේදී කෘෂිකාර්මික ක්ෂේත්‍රය මුහුණ දෙමින් සිටින අභියෝග සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡාවක් ඇති කර ගැනීමත්, පවතින අභියෝගයන් ඵලදායී ලෙස ජය ගැනීමට තිබෙන උපායමාර්ගයයන් ගවේෂණය කිරීමත් මෙම ඒකාබද්ධ වීමේ පරමාර්ථයයන් වේ.

මෙම සම්මන්ත්‍රණය අතිවිශිෂ්ට අන්දමින් සාර්ථක කර ගැනීමට හේතු වූ සුවිශේෂී වෑයමක් දැරූ ආචාර්ය ඉන්දික පලිහක්කාර මහතා ඇතුළු කණ්ඩායමට මාගේ හෘදයාංගම ශුභාශිංසනය පුද කිරීමට කැමැතියි. විවිධ රටවල නොයෙකුත් පාර්ශ්වකරුවන් අතර විශේෂයෙන් කෘෂිකර්මාන්තය හා පාරිසරික තිරසාරභාවය සමඟ පවතින අන්‍යෝන්‍ය සම්බන්ධය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ඔහු ඉටු කළ ක්‍රියාශීලි උත්සාහයයන් මෙන්ම නොසැලෙන සහයෝගය පිළිබඳව මම බෙහෙවින් අගය කරමි. නිසැකවම කියනවා නම් ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය වෙනුවෙන් කෘෂිකර්මාන්තය සැලකිය යුතු වැදගත් කාර්යයක් ඉටු කරනු ඇත. රාජ්‍ය හා පෞද්ගලික ආයතන මගින් හසුරුවනු ලබන පුළුල් වැවිලි කර්මාන්ත වගේම සහ කෘෂිකාර්මික ගෘහයන් තුළ සම්ප්‍රදායිකව පවත්වාගෙන එනු ලබන ගොවිපළවල් ද මෙම අංශයේ පැවැත්මට හේතු වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment