ජාතික අධ්‍යාපන ආයතනයේ නව අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ප්‍රසාද් සේතුංග

796

ජාතික අධ්‍යාපන ආයතනයේ නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස මහාචාර්ය ප්‍රසාද් සේතුංග මහතා පත්කර තිබේ.

අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් අදාළ පත්වීම් ලිපිය අධ්‍යාපන අමාත්‍යාංශයේදී ඒ මහතාට ලබාදීමෙන් අනතුරුව ඒ මහතා ජාතික අධ්‍යාපන ආයතනයේ සිය ධුරයේ වැඩ ආරම්භ කළේය.

මහාචාර්ය ප්‍රසාද් සේතුංග මහතා ජපානයේ ත්සුකුබා (Tsukuba) විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇති අතර පේරාදෙණිය විශ්වවද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ මහාචාර්යවරයකු ලෙස කටයුතු කරමින් සිටියේය.

ඒ මහතා ශ්‍රී ලංකාවේ ගුරු අධ්‍යාපනය, ගුරු වෘත්තිය සංවර්ධනය, අන්තර්කරණ අධ්‍යාපනය, පාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහන් ඇතුළු අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පරීක්‍ෂණ අත්දැකීම් රැසක් සිදුකළ විද්වතෙකි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment