මෙරට සෞඛ්‍ය සේවාව ගොඩගැනීමේ අභියෝගය නව ඇමැති රමේෂ් ජය ගනීවි

505

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

බරපතළ බිඳවැටීමකට ලක්ව ඇති මෙරට සෞඛ්‍ය සේවාව යථා තත්ත්වයට පත්කිරීමේ අභියෝගය නව සෞඛ්‍ය ඇමැතිවරයා ජයගනු ඇතැයි විශ්වාස බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

නව සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස පත්කර සිටින රමේෂ් පතිරණ මහතාට සෞඛ්‍ය සේවාව බිඳ වැටී ඇති තරම අවබෝධ කර ගෙන කටයුතු කිරීමද විශාල අභියෝගයක් වන බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මෙරට සෞඛ්‍ය සේවාව මේ මොහොතේ බරපතළ සම්පත් හිඟයකට මුහුණදී ඇති බවත්, වෛද්‍යවරුන්, කාර්ය මණ්ඩල හිඟය සහ බරපතළ ඖෂධ හිඟය මේ අතුරින් ප්‍රධාන තැනක් ගෙන ඇති නිසා ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීම නව සෞඛ්‍ය ඇමැතිවරයාගේ ප්‍රධානම වගකීමක් විය යුතු බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා කීවේය.

ප්‍රමිතියෙන් තොර ඖෂධ නිසා ඇතිවූ ගැටලු පිළිබඳවද නව සෞඛ්‍ය ඇමැති, රමේෂ් පතිරණ මහතා අවධානය යොමුකළ යුතු අතර ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කළ යුතුව ඇති බවත් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් කියා සිටී.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment