සුපිරි වෙළෙඳසලකදී හිමි නමකගේ මුදල් බෑගය උදුරාගෙන පැන ගිහින්

1016

හොරා අල්ලන්න සීසීටීවී පිරික්සයි

ඉතාලියට වැඩම කිරීමට සූදානමින් සිටි හිමිනමක අත තිබූ යුරෝ 112ක් සහ රුපියල් ලක්ෂ 7ක් අඩංගු ගමන් මල්ලක් උදුරාගෙන පලාගිය පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට හලාවත පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

මෙම හිමිනම ඉතාලියේ වෙසෙන බව ද උන්වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කර යළිත් ඉතාලි යෑමට නියමිතව සිටි බව ද පොලිසිය පවසයි.

හලාවත ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසලකදී මෙම හිමිනම සමග කිසියම් පුද්ගලයකු බහින්බස් වී ඇති අතර පසුව ඔහු හිමිනම අතේ තිබූ මුදල් අඩංගු බෑගය උදුරාගෙන ගොස් ඇති බව හලාවත පොලිසිය කියයි.

සැකකරු අල්ලා ගැනීමට පොලිසිය වෙළෙඳසලේ ආරක්ෂක කැමරා පරීක්ෂා කරගෙන යයි.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment