යාපනය සරසවියේ මහාචාර්යවරුන් දෙදෙනකුට ඇමරිකාවෙන් ඇගයීමක්

597

ඇමරිකාවේ විශ්වවිද්‍යාල දෙකක් විසින් සිදු කරන ලද ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලෝකයේ හොඳම විද්‍යාඥයන් හා පර්යේෂකයන් දෙදෙනකු ලෙස යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් දෙදෙනකු තෝරා ගෙන තිබේ.

මෙම ශ්‍රේණිගත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ විද්‍යාඥයන් හා පර්යේෂකයන් 38 දෙනකු ඇමරිකාවේ Stanford විශ්වවිද්‍යාලය සහ Elsevier යන විශ්වවිද්‍යාලය විසින් සලකා බැලීමකට ලක් කිරීමෙන් පසුව යාපනය විශ්වවිද්‍යාලයේ මේ දෙදෙනා තෝරාගෙන තිබේ.

යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නවරත්නරාජා සතිපරන් සහ මහාචාර්ය ආර්. මධනරංජන් යන මහත්වරු මෙලෙස තේරී ඇති හොඳම විද්‍යාඥයන් හා පර්යේෂකයන් දෙදෙනා වෙති.

විද්‍යාත්මක ක්ෂේත්‍ර 22කින් සහ උප ක්ෂේත්‍ර 176 කින් විද්‍යාඥයන් සහ පර්යේෂකයන් තෝරාගෙන ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර වාර්ෂිකව විවිධ සාධක මත පදනම්ව විද්‍යාඥයන් ශ්‍රේණිගත කරමින් මොවුන් තෝරා ගැනීම ප්‍රකාශයට පත් කෙරෙයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment