රාජ්‍ය සේවක වැටුප් වැඩිකරන්නැයි ඉල්ලා විරෝධතාවක් අද

26

ජාතික ප්‍රතිපත්තියක් මත සමස්ත රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ජාතික එකමුතුව සහ පළාත් කළමනාකරණ සේවා නිලධාරීන්ගේ එකමුතුව එක්ව අද (05දා) දහවල් 12.00 ට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් පවත්වයි.

කළමනාකරණ සේවා නිලධාරීන්ගේ වැටුප් විෂමතා ඉවත්කර ගැනීම, අමාත්‍ය මණ්ඩල අනුමැති ලබාදී ඇති සුවිශේෂී කාර්යසාධනය මත උසස්වීම් ක්‍රමය වහා ලබාගැනීම, කළමනාකරණ සේවාවේ රාජකාරි වෙනත් සේවාවන්ට පැවරීම නතරකර ගැනීම සහ කළමනාකරණ සේවා නිලධාරීන් සේවයේ තුන්වන ශ්‍රේණියට බඳවාගැනීමේ විවෘත තරග විභාගය වහා පවත්වන ලෙස ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන මෙම විරෝධතාවය පවත්වන බව එම සංගම් දෙකේ සභාපති සුනිල් ගමගේ ගමතා පැවැසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment