ජාතික රෝහලේ ගෙවන වාට්ටුවේ කාමර 14 ක් පාඩුවට

391

කොළඹ ජාතික රෝහලට ආදායම් මාර්ගයක් වූ ගෙවන වාට්ටුවේ කාමර 14 ක් වසරක් තිස්සේ නඩත්තු කටයුතු යැයි කියමින් වසා දැමීම නිසා රෝහල වෙත ලැබෙන විශාල මුදලක් අහිමි වී ගොස් ඇත.

මෙම ගෙවන වාට්ටුවේ කාමර 22 කින් 11 ක්ම මේ ආකාරයට වසරක් තිස්සේ වසා දමා ඇති අතර වී අයි පී වාට්ටුවේ කාමර 3 ක් ද මෙසේ වසා දමා ඇති බව රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් කියා සිටියහ. මෙම එක් කාමරයක් දිනකට රුපියල් 3000 ක මුදලකට ලබා දෙන අතර වසරක් තිස්සේ කාමර 14 ක් නඩත්තු කටයුතුවලට යැයි කියමින් වසා දැමීම නිසා රෝහලට ලැබිය යුතු රුපියල් ලක්‍ෂ ගණනක මුදල් අහිමි වී ගොස් ඇත. ගෙවන වාට්ටුවේ වසා දමා ඇති මෙම කාමර වහාම අලුත්වැඩියා කර ඒවා

රෝගීන් වෙනුවෙන් ලබාදීමට පියවර ගන්නා ලෙස සේවකයෝ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment