පානදුර ගෙවල් බින්ද පොඩි ලකා මාට්ටු

100

කැටේ කඩලා 195,000ක පමණ මත්කුඩු බීලා

ගෙවල් බිඳුම් සිදුකළ වත්තල්පොල පොඩි ලකා නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.

පානදුර හොරේතුඩුව්ව ප්‍රදේශයේ නිවසක් බිඳ එහි තිබූ සල්ලි කැටයක් සහ අල්මාරියේ තිබූ රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක්, ඇතුළු භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් කළ සීසීටීවී පරීක්ෂාවෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.

30 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන නිවස පිටුපස වළදමා තිබූ රන් ආලේපිත ගණදෙවි පිළිමයක්, ඩිජිටල් කැමරාවක්, විදුලි පන්දමක්, සැලුන් උපකරණ සහ රුපියල් 5000ක මුදලක් සොයාගෙන ඇති අතර අනෙක් මුදල් මත්කුඩු පානය කර ඇති බවට ප්‍රකාශ ලබාදී ඇති බව පොලිසිය කීය.

සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.

ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හිරන්ත තිලකරත්න, කොස්තාපල් වරුන්වන චතුරංග (9627), අධිකාරී (59102), ලියනගේ (31279) සහ බන්ඩාර (28190) වැටලීමට එක්වූහ.

ආර් ඒ එස් ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment