පිරමීඩ ආයතන ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

350


තහනම් යෝජනා ක්‍රම පවත්වාගෙන යන සහ පවත්වාගෙන ගොස් ඇති බවට හඳුනාගත් පිරමීඩ ආයතන 9ක් නම් තහනම් කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එසේ නම් කරන ලද පිරමීඩාකාර ව්‍යාපාර සඳහා බැංකු පනතට අනුව අපරාධමය නඩු කටයුතු පැවරීමට හැකියාව පවතින බැවින් ඒ පිළිබඳව සලකාබලන ලෙස නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කර ඇති බවද මහ බැංකුව කියයි.
මෙසේ නම් කරන ලද ආකාරයේ පිරමීඩ යෝජනා ක්‍රමයක් සෘජුව හෝ වක්‍රව ආරම්භ කිරීම, පිරිනැමීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය කිරීම, පැවැත්වීම, කළමනාකරණය හෝ මෙහෙයවීම සිදුකරන ඕනෑම පුද්ගලයෙකු සිදුකරන්නේ දඞුවම් ලැබිය හැකි වරදක් බව මහ බැංකුව පවසයි
පිරමීඩ මුදල් ගනුදෙනු සහිත යෝජනා ක්‍රමවලට සහභාගීවීම දඞුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව මහජනයාට දන්වා සිටී.
ඇතැම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන ආයතන ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ යම් යම් එකඟතාවන්ට එළඹ ඇති බවට සමාජයේ ඇතැම් කොටස් විසින් සිදුකරන ප්‍රකාශයන් තරයේ ප්‍රතික්ෂේප කරන බව ද මහ බැංකුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment