ආසියානු ක්‍රීඩා උළෙලට සුදුස්සන් සොයා – ශ්‍රී ලංකා ජාතික හොකී කණ්ඩායම අද ඉන්දුනීසියාවට

110

2023 වසරේ චීනයේ දී ක්‍රියාත්මක කෙරෙන මීළඟ ආසියානු ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරා ගැනීමේ කාන්තා හොකී තරගාවලියට සහභාගි කරවන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම අද (02) ඉන්දුනීසියාව බලා පිටත්ව යයි.

ජුනි 07 සිට 14 දක්වා ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර දී ක්‍රියාත්මක කෙරෙන මෙවර තරගාවලියට සිංගප්පූරුව, කසකස්තානය, හොංකොං, කාම්බෝජය, උස්බෙකිස්ථානය, ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව සහභාගි වෙති. මෙය ලීග් ක්‍රමයට පැවැත්වේ. ඒ අනුව ශ්‍රී ලංකාව සහභාගී වන තරග සංඛ්‍යාව 06 කි.

ශ්‍රී ලංකා ජාතික කාන්තා හොකී කණ්ඩායමක් ජාත්‍යන්තර තරගාවලියකට එක්ව සිටින්නේ වසර 05 කට පසුව වීම මෙහි ඇති විශේෂත්වයකි. ආසියානු හොකී සම්මේලන කුසලාන යටතේ ඔවුන් අවසන් වතාවට 2017 සිංගප්පූරුවේ දී තරග වැදුණි.

මෙවර ජාතික කණ්ඩායම මෙහෙය වීමේ වරම ජී.ජී.පී. නිල්මිණි ට හිමි වී ඇති අතර එස්.එස්. ජෝන්ස් උප නායකත්වය හොබවන්නීය.

ජාතික කාන්තා හොකී කණ්ඩායම

ජී.ජී.පී. නිල්මිණි (නායිකාව), එස්.එස්. ජෝන්ස් (උප නායිකාව), පී.නීලීයා කෞෂිණී, ටී.කේ. ගුරුදෙණිය, ඒ.ඩී.පී.එන් ද සිල්වා, එම්.ඒ.පී.කේ. සිල්වා, ආර්.එම්.ජේ.එම්. රත්නායක, එච්.වයි.එස්.ප්‍රභාෂිනි, ඩබ්ලිව්.එම්.එන්.එස්. වරිගෙහෙට්ටි, එච්.ඒ. දෙවිඳු සමුද්, කේ.එල්.ඒ.එස්.සී. කුමාරී, එම්.ජේ.ඒ. ප්‍රාර්ථනා උපේක්ෂා, එල්. කේ.එස්. දිල්හාරා පෙරේරා, නිපුනි ප්‍රනාන්දු, එච්.ඒ.එන්.ඒ.කේ. ඇටිපොල, ඩබ්ලිව්.ජී.එන්.කේ. විජේරත්න, ඩී. ක්‍රිෂාන්තනී, කේ.වී. කළුආරච්චි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment