මතට තිත හා කතෝලිකයා

55

දිව්‍ය පූජාවේදී කතෝලික පූජකතුමන්ලා වයින් පානය කරන බවත් කතෝලික සභාව මත්පැන් පානයට අනුබල දෙන බවත් ඇතැම්හු කියති. ජේසු සමිඳුන් අන්තිම රාත්‍රී භෝජනයේදී සිය රුධිරය වයින් බවට හැරවීම, විවාහ මංගලයකදී ජලය වයින් බවට පත් කිරීම ද මීට නිදසුන් ලෙස දක්වති. ජේසු සමිඳුන් ජීවත් වූ නාසරෙත්, ජෙරුසිලම, පලස්තීන ප්‍රදේශවල මිදි වගාව බහුලය. වයින් සුලභය. අපට තේ ලෙසිනි. සමිඳුන් ශ්‍රී ලංකාවේ වැඩ වාසය කළා නම් ඉරමුසු පොල්පලා වැනි පානයක් භාවිත කිරීමට හොඳටම ඉඩ තිබිණි. එහෙත් මද්‍යසාරය මිනිසාගෙන් ඈත් කර තැබිය යුතු බව කිතුනු ඉගැන්වීමයි.

මද්‍ය පානය කෝලම්කරුවෙකි, සුරාපානය කලහකරුවෙකි, බීමත්කමින් මුලාවන්නා මෝඩයෙකි. හිතෝපදේශයේ 201 වගන්තියේ පැහැදිලිව දක්වයි. එහිම 23-29-35 වගන්තිවල කියැවෙන්නේ දුක කාටද? කාලකන්නිකම කාටද? අඬ දබර කාටද? මැසිවිලි කාටද? නිකරුනේ තුවාල කාටද? රතු ඇස් කාටද? මත්පැන් බෝතලය ළඟ පමාවන මිනිසාටය. මද්‍යසාරය රතට රතේ දිලිසෙන විට, වීදුරුවෙහි පෙණ දමන විට ලස්සනට වැක් කෙරෙන විට ඒ දෙස නොබලන්න. අන්තිමේදී එය නයකු මෙන් සපාකයි. පොළගෙකු මෙන් දෂ්ට කරයි. ඔබේ කට විලම්බීත දොඩවයි. ශුද්ධ බයිබලයේ සිරාක් හෙවත් උපදේශකයාගේ පොත සඳහන් කරන්නේ (31-29-30) බීමත්කමින් අඥානයාගේ කෝපය තමටම විනාශය දායක වන ආකාරයෙන් යනුවෙනි.

කැලිස්ටස් ජයමාන්න
හීන්කෙන්ද

advertistmentadvertistment
advertistmentadvertistment