අලුත උපන් බිලිඳාට දීමට මව්කිරි නැතැයි සිත් තැවුලින් අම්මා එල්ලී මියයයි

414

අලුත උපන් සිය බිලිඳාට දීමට තමාට මව්කිරි නැතැයි සිත්තැවුලට පත් මවක ගෙල වැළලාගෙන මිය යෑමේ දුක්මුසු පුවතක් යාපනය පොලිසියෙන් වාර්තා වෙයි.

යාපනයේ පේදුරුතුඩුව පාරේ ආතම්පන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි මවක මෙසේ දිවි හානිකර ගෙන තිබේ.

තම දරුවා මෙලොව එළිය දකිනතුරු නොඉවසිල්ලෙන් බලා සිටි මෙම මව දරුවාට මව් කිරි දීමට කීප වතාවක්ම උත්සහ ගත් නමුත් ඇයට කිරි එරී නැති බවත් ඒ පිළිබඳව දැඩි කනස්සල්ලෙන් සිටි මෙම මව ගෙල වැළලාගෙන දිවි හානිකර ගෙන ඇති බවත් යාපනය පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළි වී තිබේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment