සියඹලන්ගමුව වැවේ මාළු අල්ලන්න ගිය දෙදෙනා ගිලී මරුට

135

ගල්ගමුව සියඹලන්ගමුව වැවේ මසුන් අල්ලමින් සිටි තරුණයකු ඇතුළු පුද්ගලයන් දෙදෙනකු ඊයේ (22දා) උදේ 11.00 ට පමණ දියේ ගිලී මරුමුවට පත් වී ඇතැයි ගල්ගමුව පොලිසිය පවසයි.

මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් සියඹලන්ගමුව වැව වාන් දමමින පවතින අවස්ථාවේ මෙම දෙදෙනා වැවේ පිටවාන ආසන්නයේ මසුන් අල්ලමින් සිට ඇත. ඒ අවස්ථාවේ ඔවුන් සැඩ පහරට හසුව ගසාගෙන ගොස් මෙම අනතුරට මුහුණපා ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය. මෙලෙස මියගොස් ඇත්තේ උස්ගල, සියඹලන්ගමුව යාය 3 පදිංචිව සිටි 20 හැවිරිදි තරුණයකු සහ 47 හැවිරිදි විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු බව ද පොලිසිය පවසයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment