මෙරට ගැබිනි මවුවරුන් 12000 කට කොවිඩ් හැදිලා

67

මෙරටින් කොවිඩ් රෝගීන් වාර්තා වූ 2020 මාර්තුවේ සිට මේ දක්වා කාලයේදී කොවිඩ් ආසාදිත ගර්භනී මව්වරුන් දොළොස්දහසක් වාර්තා වන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය ‘දිවයින’ ට ඊයේ (21 දා) පැවසුවාය. එසේම මෙම කාලයේ කොවිඩ් වැළඳීමෙන් ගර්භණී මාතාවන් 60 දෙනකු මියගොස් ඇතැයි ද ඇය කියා සිටියාය.

පවතින ඔමික්‍රෝන් තත්ත්වයත් සමඟ සායනවලට හැර අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් වළකින්නැයි ද ඇය සියලූ ගර්භණී මව්වරුන්ගෙන් ඉල්ලා සිටියාය.

එසේම බූස්ටර් එන්නත් මාත‍්‍රාව ද ලබා ගන්නැයි ද ඇය සියලූ ගර්භණී මව්වරුන්ගෙන් ඉල්ලා සිටියාය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment