වසරේ පළමු කාර්තුවට බදු ආදායම සියයට 216කින් ඉහළට

98

මේ වර්ෂය (2023) පළමු කාර්තුවේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් උපයන ලද මුළු බදු ආදායම රුපියල් මිලියන 316619 ක් දක්වා සියයට 216කින් ඉහළ ගොස් ඇත.

ගිය වර්ෂයේ (2022) පළමු කාර්තුවේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව උපයන ලද මුළු ආදායම රුපියල් මිලියන 146565 කි.

රජයේ නව බදු ප්‍රතිපත්තිය මෙන්ම රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වීම සහ බදු පරිපාලනයේ කාර්යක්ෂමතාවය වර්ධනය වීම මෙසේ බදු ආදායම් වර්ධනය වීමට හේතුව බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment