අවුරුදු 60- 63 වයසේ වෛද්‍යවරුන් කොටස් වශයෙන් විශ්‍රාම ගන්වන්න

223

GMOA සභාපති

අවුරුදු 60 සිට 63 දක්වා වයසේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායම් වශයෙන් විශ්‍රාම ගන්වා නවක වෛද්‍යවරුන් එම තනතුරුවලට පත්කරන්නේ නම් කිසිම ගැටලුවක් ඇති නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා ‘දිවයින’ ට පැවැසීය.

දැනට ගෙන තිබෙන තීරණය අනුව අවුරුදු 60 සිට 63 දක්වා වයසේ වෛද්‍යවරුන් එක්වරම විශ්‍රාම ගැන්වීමෙන් පළපුරුදු වෛද්‍යවරුන් හිඟවන අතර සේවයට එක්වෙන නවක වෛද්‍යවරුන් ද ගැටලුවට පත්වන බව හෙතෙම කියා සිටියේය. විශ්‍රාම ගැන්වීමට නියමිත වෛද්‍යවරුන් 249ක් දැනට සේවයේ යෙදී සිටින බව ද සභාපතිවරයා කීවේය.

නවක වෛද්‍යවරුන්ට කිසිදු අසාධාරණයක් නොවන ආකාරයට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙසට රජයට නිලනොවන ආකාරයට දැනුම්දී ඇතැයිද හෙතෙම කීවේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment