නිරිත දිග මෝසම් වැසි ඇරැඹෙන තෙක් කාලගුණය උණුසුම්

548

දිවයින පුරා පවතින අධික උෂ්ණත්වය නිරිත දිග මෝසම් වැසි තත්ත්වය ආරම්භ වනතුරු පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සජිත් වික්‍රමසූරිය මහතා ‘දිවයින’ ට ඊයේ (10 වැනිදා) පැවසීය.

පවතින අධික උෂ්ණත්වය අප්‍රේල් මාසය වනවිට මීට වඩා වැඩිවනු ඇතැයිද තෙතෙම කීය.

ඊයේ පෙරවරු 8.30 න් අවසන්වූ පැය 24 තුළ දිවයිනේම වැඩිම උෂ්ණත්වය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තාවූ බවත්, එම අගය සෙල්සියස් අංශක 36.4 ක් බවත් හෙතෙම කියා සිටියේය. මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ සෙල්සියස් අංශක 36 ක්ද, කොළඹ දිස්ත්‍රික්කයෙන් සෙල්සියස් අංශක 32.7 ක්ද ලෙස සටහන් වූ බවද ඒ මහතා කීය.

පවතින අධික උෂ්ණත්වය අඩුවැඩි වශයෙන් මැයි මුල් සතිය වනතුරු පවතින බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment