අම්රිතා හඳුන්කූරු සිය ගුණාත්මකභාවය සහ ආරක්ෂාව සඳහා වූ කැපවීම වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රමිති (SLS) සහතිකයෙන් පිදුම් ලබයි

120

දේශීය හඳුන්කූරු වෙළෙඳපොලේ පුරෝගාමී මෙන්ම ප්‍රමුඛතමයා වන ඩාර්ලි බට්ලර් සහ සමාගම විසින් නිෂ්පාදනය කර බෙදාහරිනු ලබන Amritha හඳුන්කූරු, ශ්‍රී ලංකා ප්‍රමිති (SLS) සහතිකය ලබා ගනිමින් දේශීය වෙළඳපොල තුල ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත.

ඉහළම ආරක්ෂාව, ගුණාත්මකබව සහ පාරිසරික ප්‍රමිතීන්ට අනූකූලව නිෂ්පාදනය සහතික කරමින් පිරිනමා ඇති මෙම සහතිකය නිල වශයෙන් ප්‍රදානය කිරීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ ඩාර්ලි බට්ලර් සමාගමේ කළමනාකාරිත්වය ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගියදා සිදු විය.

අම්රිතා හඳුන්කූරු නිෂ්පාදනය 2011 වසරේ සිට ආරම්භ වූ අතර, එතැන් සිට උසස් තත්වයේ සහ අද්විතීය සුවඳ දුම් සිය නිෂ්පාදන සඳහා යොදා ගනිමින් සහ ආකර්ෂණීය මිල ගනන් යටතේ නිෂ්පාදනයන් පාරිභෝගිකයන් වෙත ලබා දෙමින් දේශීය වෙළෙඳපොල තුළ සුවිශෙෂ පෙරළියක් සිදු කිරීමට සමත් විය. ඉහළ ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයන් ලබාදීම වෙනුවෙන් නිරන්තරව කැපවෙන අම්රිතා නිෂ්පාදන මෙලෙස SLS සහතිකයෙන් පිදුම් ලැබීම, දශකයකට අධික කාලයක් පුරා විශිෂ්ඨත්වය වෙනුවෙන් ඔවුනගේ කැපවීම සහතික කිරීමක්ද වනු ඇත.

මෙම අද්විතීය ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දක්වමින් ඩාර්ලි බට්ලර් සමාගමේ අධ්‍යක්ෂ සංජීව ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.

ශ්‍රී ලාංකීය සුවඳදුම් නිෂ්පාදන වෙළෙඳපොලේ SLS ප්‍රමිති සහතිකය හිමිකරගත් පළමු නිෂ්පාදකයා වීමේ අවස්ථාව අපට ලැබීම සම්බන්ධයෙන් අම්රිතා සන්නාමය හිමි ආයතනය විදිහට අපට තිබෙන්නේ අභිමානයක්. වසර ගණනාවක් පුරා අපේ නිෂ්පාදනවල ගුණාත්මක බව සහ ආරක්ෂාව සහිතික කිරීම වගේම එම තත්වය පවත්වා ගැනීමට අප සිදුකළ කැපවීම මෙයින් සහතික කරනවා.”‍ වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ, “දැනටමත් අපි එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් වලට අම්රිතා හඳුන්කූරු අපනයනය කරන අතර මෙම විදේශීය වෙළෙඳපොළ තවදුරටත් පුළුල් කර ගැනීම අපේ අපේක්ෂාව වෙනවා. එම කාර්යයේදී මෙම සුවිශේෂ ජයග්‍රහණය නිෂ්පාදනයේ ගුණාත්මක බව වෙනුවෙන් අපේ කැපවීම තවදුරටත් සහතික කිරීමක් වෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment