සයිබර් ප්‍රහාරවලට මුහුණ දෙන්න කුඩා ව්‍යාපාර 5000ක් සූදානමින් තබයි

60

සයිබර් අවකාශයෙන් මෙරට ව්‍යාපාරවලට එල්ලවන හා එල්ලවිය හැකි ප්‍රහාර හා විපත් වලට මුහුණදීමට මෙරට කුඩා ව්‍යාපාරවලට පුහුණුව ලබාදීමට ආසියා පදනම ආයතනය පියවර ගෙන ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක පැවසුවාය.

Google.org හි සහය ඇතිව ආසියා – පැසිෆික් සයිබර් ආරක්‍ෂක අරමුදල හරහා මෙම වැඩපිළිවෙළ දියත් කෙරෙනු ඇත.

2023 ලොව පුරා වැඩිම සයිබර් අපරාධ සිද්ධීන් සංඛ්‍යාවක් වාර්තාකරමින් ආසියා හා පැසිෆික් කලාපය කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබේ.

මෙම වැඩසටහන බංගලාදේශය, හොංකොං, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, කොරියාව, මැලේසියාව, පකිස්ථානය, පිලිපීනය, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය ඇතුළු රටවල් 13 ක ක්‍රියාත්මක වේ. ආසියානු – පැසිෆික් කලාපයේ ක්‍රියාත්මක වන ක්‍ෂුද්‍ර හා කුඩා ව්‍යාපාර, ලාභ නොලබන සංවිධාන සහ විශ්වවිද්‍යාල සමඟ එක්ව, ඩිජිටල් (සබැඳි) අවදානම් වලින් ආරක්‍ෂා වීම සඳහා ඉහළ කුසලතා මෙවලම් සහ සයිබර් ආරක්‍ෂණ වැඩමුළු හරහා දේශීය ප්‍රජාවන් සහ සිසුන් සන්නද්ධ කිරීම ආසියා පදනම අරමුණු කරයි.

සයිබර් අපරාධ මගින් තම ව්‍යාපාර බිඳ දැමීමේ අවදානම හැකියාවේ බිය පිළිබඳව කුඩා ව්‍යාපාර හිමියන්ගෙන් 70% ක් පමණ වාර්තා කර ඇත. සයිබර් අපරාධ වැඩිවීමත් සමඟ, සයිබර් අවකාශයේ අනිෂ්ට ක්‍රියාකාරකම් සහ වෙනත් තර්ජන වලින් තමන් මෙන්ම තම ව්‍යාපාරය ආරක්‍ෂා කර ගැනීමට, ව්‍යවසායිකයන්ට හා අන්තර්ජාල භාවිතා කරන්නන්ට එහි අවදානම් තේරුම් ගැනීමට, තක්සේරු කිරීමට කුසලතා තිබීම වැදගත් බව ආසියා පදනම කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment