වනාන්තර පිළිබඳ නව ප්‍රතිපත්ති මගින් ග්‍රාම නිලධාරීන්ටත් වන නිලධාරීන්ගේ බලතල

166

වනජීවි හා වන සම්පත් රක්ෂණ පිළිබඳ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි

කැලේ අස්සට ගිහින් වටිනා ගස් කපන නිසා ජංගම ඉරුම් යන්ත්‍ර තහනම් කළා
අජිත් මාන්නප්පෙරුම (සජබ)
සම්ප්‍රදායික කෘෂි ක්‍රම හා වන සංරක්ෂණය තුලනය කරගත යුතුයි
ආචාර්ය හරිනි අමරසූරිය (ජාජබ)
ඉස්සර රෙගුලාසි පැනවූයේ වන හානි නැවැත්වීමටයි
මහාචාර්ය චරිත හේරත් මහතා (ශ්‍රීලංපොපෙ)

වනාන්තර පිළිබඳ නව ප්‍රතිපත්තිය හඳුන්වා දුන් පසු ග්‍රාම නිලධාරීවරුන්ටත් වන නිලධාරීන් ලෙස ක්‍රියා කිරීමට බලතල සහ කාර්යයන් පවරන බව වනජීවි හා වන සම්පත් රක්ෂණ පිළිබඳ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) සඳහන් කළාය.

එම නව ප්‍රතිපත්තියට අදාළ සංකල්ප ක්‍රියාත්මක කිරීම සඳහා දැව සංස්ථා නිලධාරීන්ට මෙන්ම දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ඉඩම් නිලධාරීන්, ජනපද නිලධාරීන්ටද වන නිලධාරීන්ගේ බලතල පවරන බවත් වන සංරක්ෂණ ආඥා පනත යටතේ වන නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඇමැතිවරිය මේ බව කීවාය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණි. නිවේදන, ලිපිලේඛන, වාර්ෂික වාර්තා, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීම, පසුව මන්ත්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සුපයූහ. අනතුරුව 27/2 යටතේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම සහ ඒවාට පිළිතුරු සැපයීම ඉන් පසුව සිදු විය. ඉන් පසුව අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ සම්මතිය සහ වන සංරක්ෂන ආඥාපනත යටතේ නියෝග පිළබඳව විවාදය ආරම්භ කෙරිණි.

විවාදය ආරම්භ කරමින් වනජීවි හා වන සංරක්ෂණ ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි :

ජාත්‍යන්තර එකඟතා අනුව අප වනාන්තර වැස්ම සියයට 32 දක්වා වැඩි කරගත යුතුයි. දැනට පවතින්නේ සියයට 29 යි. ඒ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන වැඩ කරනවා. රටේ ජනගහනය වැඩිවීමත් සමග ඔවුන් ජීවත් වූයේ වනාන්තර ආශ්‍රිතව වගා කරලයි. අණපනත් පැමිණීමත් සමග ඔවුන්ගේ ජීවිකාවට ගැටලු මතුවුණා.

සංචාරක ව්‍යාපාරයේ දියුණුවට අපේ වනාන්තර යොදා ගන්න ගමන් ජනජීවිතය ගොඩ නැංවීමටද ඒවා උපයෝගි කරගත යුතු ආකාරයට අපි නීති ගෙනවිත් තියෙනවා.

අධි සංවේදී වනාන්තරවල ජනතාවට සංචාරය කිරීමට පර්යේෂණ කිරීමට පනතින් ඉඩදී තිබෙනවා. රක්ෂිත වනාන්තරවල මිනිස්සුන්ට කැළේට ගිහින් දර කෑල්ලක් කපා ගන්න බැහැ. වතුර ටිකක් ගන්න බෑ. වේවැල්, වෙනිවැල්ගැට කෑල්ලක් කපන්න බැහැ. ඒත් වනය ආශ්‍රිත ජනතාවට නීත්‍යානුකූලව ඒ කටයුතු කරන්න පනතින් ඉඩ ලැබෙනවා. පානීය ජලය, ඉන්ධන දැව හා දැව නොවන නිෂ්පාදන සම්බන්ධව නීත්‍යානුකූලව කටයුතු කර ගැනීමට අවස්ථාව ලැබෙනවා.

පෞද්ගලික ඉඩම්වල දැව එම ඉඩම්වලම ඉරා ගැනීමට ජංගම ඉරුම්හල් මගින් ඉටුකර ගැනීමට අවශ්‍ය ලියාපදිංචිය ලබාදීමට යෝජනා කරනවා. ගස්වල කොළ, පොතු ඇතුළු කොටස් දැනටමත් අපනයනය කරනවා. ඖෂධීය ගුණය, වටිනාකම නිසා ශාක කොටස් අපනයනය කරනවා. ඒවා නියාමනය කරලා බලපත්‍ර ලබාදීලා රජයට ආදායමක් ඇතිවන ආකාරයට ක්‍රියාකිරීම අරමුණක්. වන ප්‍රතිපත්තිය අනුව ක්‍රියා කිරීමට වන සංරක්ෂණ නිලධාරීන්ට මෙන්ම දැව සංස්ථා, වනජීවි, දිසාපති, ප්‍රාදේශීය ලේකම්වරුන්ට ග්‍රාම නිලධාරීන් ඇතුලු නිලධාරීන්ට වන නිලධාරීන් ලෙස ක්‍රියා කිරීමට බලතල පවරා දෙනවා.

හඳුන්කූරු නිෂ්පාදනයට අවශ්‍ය උණ වර්ගයක් වන ගල්බම්බු ප්‍රවාහනය නිදහස් කිරීමට ක්‍රියා කරනවා. මීට පෙර මේ ලීවර්ගය ආනයනය කරනු ලැබුවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා (සජබ) :

ජංගම ඉරුම් යන්ත්‍ර තහනම් කළේ කැලේ අස්සට ගිහින් වටිනා ගස් කපනවා. ඒ නිසයි. ඉදිරියේ දී ගෙදර ඉරන ගස්වලට අමතරව කැලේට රිංගලා ගස් කපයි. ඒ ගැන අවධානය යොමු කරන්න.

රුපියල් කෝටි 900ක දැව වසරකට ආනයනය කරනවා. ඒ වගේම වසරකට රුපියල් කෝටි 400 ක දැව අපනයනය කරනවා. අවශ්‍යතාවෙන් සියයට 7ක් පමණයි දැව සංස්ථාව ලබාදෙන්නේ. වර්ෂයකට ෆයිනස් දැව කියුබික් මීටර් 1964ක් අපනයනය කරනවා. ඒ වගේම කියුබික් මීටර් 15,000ක් ආනයනය කර තියෙනවා. අපේ ෆයිනස් දැව කියුබික් මීටර් ලක්‍ෂ හතහමාරක් පමණ විකුණාගන්න බැරිව තියෙනවා. මේ ගැන අවධානය යොමු කරන්න. අපනයනය තහනම් කළත් අවුරුදු 15කට අවශ්‍ය දැව රටේ තියෙනවා. මේවා

යොදාගන්න වැඩ පිළිවෙළක් හදන්න. වසරකට ඩොලර් මිලියන 5ක් ආනයනයට වැයවෙනවා.

රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් මහතා : සියයට 29.2ක් වන වන ගහනය ආරක්ෂා කරගන්න සමහර ජන කොටස් කැපවෙනවා. ඔවුන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි. ජීවත් වීමට අවශ්‍ය වාතය, වැස්ස අපි ආරක්ෂා කරගත යුතුයි. වනය ආරක්ෂා කර ගැනීම ප්‍රමුඛව සිදුවිය යුතුයි.

ඒ කාලේ තිබූ ගම්මාන පිටින්ම වනජීවි එකට ගැසට් වෙලා. නින්දගම් ගැසට් වෙලා. වනය තවත් වැඩි කරගත යුතුයි. ඒ වගේම පැරැණි ගම්මානත් රැකගත යුතුයි. වනජීවි වන සංරක්ෂණ පනත් ඉතා බලවත්. ඒ නිසා අසරණ ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරක් දීගන්නවත් බැරිවෙලා. මේවා ප්‍රායෝගික විය යුතුයි. වනය සමග ජීවත්වන අසරණ ජනතාවයි ප්‍රශ්නවලට මුහුණපාන්නේ. එළවළු, මීපැණි, පලතුරු ආදිය පිරිමසා ගන්නේ වනය ආශ්‍රිතවයි. දර ටික කඩාගත්තෙත් කැලයෙන්. මේ සියල්ල ඔවුන්ට නැතිවෙලා ගිහින්.

පත්කළ මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය (ජාජබ) : වන සංරක්ෂණයත් මිනිස් සංරක්ෂණයත් අතර තුලනාත්මක බවක් නැති නිසයි අද ප්‍රශ්න රැසක් ඇති වී තියෙන්නේ. සම්ප්‍රදායික කෘෂි ක්‍රම නිසා අර්බුද ඇතිවෙලා. හේන්

ගොවිතැන නිසා වන සංරක්ෂණය විනාශ වන බව කියනවා. අදටත් අපේ ගොවීන් ඒ ක්‍රම භාවිතා කරනවා. මේවා තුලනය කරගත යුතුයි.

අනාගත පරපුරට අවශ්‍ය ප්‍රමාණයන් වනය රැකගත යුතුයි. ආහාර සුරක්ෂිතතාවට වනය අවශ්‍ය වන්නේ කෙසේද ඇතුළු ප්‍රශ්න විසඳා ගැනීමට නිවැරදි තොරතුරු පද්ධතියක් අවශ්‍යයි. අදත් නිවැරදි තොරතුරු නෑ. අනාගත දැක්මක් නැතිව එදාට එදාට ඇති වන ප්‍රශ්න මත පමණයි තීරණ ගන්නේ.

මිනිසා හා වනජීවීන් අතර දුරස්ථභාවයක් තිබිය යුතුයි. අද එය නෑ. දෙගොල්ලාම එක තැනක ඉන්නේ. මේ නිසයි ගැටුම් ඇති වන්නේ. වනයට අදාළ ආයතනවල මනා සම්බන්ධීකරණයක් නෑ. එක් එක් ආයතන වෙන වෙනම තීරණ ගන්නේ. ඒ නිසයි ප්‍රශ්නවලට අර්බුදවලට හේතු වන්නේ.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී අකිල එල්ලාවල මහතා (ශ්‍රීලපොපෙ) : වන සංරක්ෂණ නීති නිසා වැඩිපුරම දුක් විඳින්නේ රත්නපුර ජනතාවයි. ඔවුන්ට ඉඩමට ඔප්පුවක්වත් නෑ. ජනතාව නිතර වනයත් සමග ගැටෙන අය. ඔවුන්ගේ ප්‍රශ්න රැසකට මේ පනතින් විසඳුම් ලැබෙනවා. ජීවනෝපාය මාර්ගවලට සහන ලැබෙනවා. පවතින නීති නිසා දර කෑල්ලක් කැඩුවත් ලක්‍ෂයක විතර දඩ ගෙවන්න වුණා. දැඩි නීති පවතින්නේ වනය රැක ගන්නා ගමන් ජනතාවටත් උපකාරි වන ආකාරයට නීති පහසු විය යුතුයි. නීති ප්‍රායෝගික විය යුතුයි.

පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා (සජබ) : අද විදුලි බිල සියයට 121කින් වැඩි වී තිබෙනවා. දරුවන්ගේ අධ්‍යාපනයට ලොකු ප්‍රශ්නයක්. බිල අඩු කිරීමට පුනර්ජනනීය විදුලිය නිපදවීමට යායුතුයි. ඊට ආයෝජන ලබාගත යුතුයි.

සුළං විදුලිය ගිගා වොට් 1ක ආනනය කරතොත් විදුලි වියදම සියයට 29කින් පහළ යනවා. විදුලිය ආනයන අපනයන භාණ්ඩයක් බවට සිතිය යුතුයි. අපි සුළං බලශක්තියට යායුතුයි. අදානි ව්‍යාපාරය සුළං බලය සඳහා මන්නාරම, පුනරින් බලාගාර කරනවා. මේවාට විනිවිදභාවය අවශ්‍යයි. තරගකාරි බවත් අවශ්‍යයි. දකුණු ආසියාවේ රටවල් සමග සහයෝගීව ක්‍රියා කළ යුතුයි.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බංඩාර මහතා (සජබ) :

මේ පනතට අපි ඉතා කැමතියි. නිලධාරීන් හදවත පසෙක තියලා නීතිය ඉදිරියට දාලා ක්‍රියා කිරීම නිසා ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වුණා. සමහර නිලධාරීන් දුප්පත් මිනිස්සු ගැන හිතන්නේ නෑ. සමහරුන්ට උදව් කරද්දී අක්කර කාලක් තියෙනඅසරණ අයට බැට දෙනවා. හේනක් කරන්න දෙන්නේ නෑ. හේන ගාවටම අලි වැට ගහලා. ඉතින් අලි ගමට එනවා. සමහර නිලධාරීන් දූෂිතයි. විශාල ඉඩම්

අල්ලාගන්න ඉඩ දෙනවා. අක්කර කාල අල්ලපු කෙනාට නඩු දානවා. ඉඩම් නොදී ඉන්න තර්ක කරනවා. වනජීවි, වන සංරක්ෂණ හා ප්‍රාදේශීය ලේකම්, කෘෂි නිලධාරීන් ගමට ගිහින් නියම අවබෝධයක් ලබාගෙන සංවාදයක් ඇතිකරගෙන විසඳුම් ඇති කරගත යුතුයි. එහෙත් හැමදාම ගැටුම් ඇති කර ගන්නවා.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා (සජබ) : ලුණුගම්වෙහෙර ජලාශයට අද ඇතුල් වෙන්න දෙන්නේ නෑ. මිරිදිය කර්මාන්තය රටට ඉතා වැදගත්. වහාම ඊට ඇතුල්වෙන්න ඉඩ දෙන්න. වන අලි නිසා අද හම්බන්තොට දිස්ත්‍රික්කයට දැඩි ප්‍රශ්න ඇතිවෙලා. වනෝiාන රැසක් එහි තිබෙනවා.

අක්කර 65,000ක වන ගහනයක් තිබූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 23046 ක් පමණයි ඉතිරි වී තියෙන්නේ. ක්‍රීඩාංගන, සම්මන්ත්‍රණ ශාලා, වරාය, ගුවන් තොටුපළ ආදිය හදපු නිසා වනය අඩුවුණා. එය ගැසට් කළේ 2021 දී. ඉතිරි වූ ටිකත් අක්කර ගණනින් කොළඹ යාලුවන්ට පවරා දෙනවා. අලි ගමට ඇවිත් මිනී මරනවා. 94න් පසු ඇතිවූ රජය මේ දිස්ත්‍රික්කයේ වනය විනාශ කළා. මේවා කවුරුත් කතා කරන්නේ නෑ. සෝලා පවර් වැඩසටහනට අක්කර දහයේ කෑලි පැවරුවා.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය : (ශ්‍රීලපොපෙ) :

හම්බන්තොට දිස්ත්‍රික්කයට විශාල සංවර්ධනයක් වුණා. එයට සතුටු වෙන්න. අධිවේගෙ යන ගමන් මහින්ද ජනාධිපතිට බනිනවා. බදුල්ලටවත් නැති සංවර්ධනයක් දකුණෙ වුණා. පැයකින් මාතරට එදා ගියේ නෑනේ. යන්න පුළුවන් වෙයි කියලා හිතුවෙත් නෑ. පැය තුන හතරක් යන ගමන අඩුවීමෙන් තෙල් ඉතිරි වුණා. අපට අධිවේග ලැබුණෙ නෑ.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා (ශ්‍රීලංපොපෙ) : අලි ඉන්න තැන්වල මිනිස්සු ගෙවල් හැදුවා. වන සංරක්ෂණය සඳහා දෙපාර්තමේන්තුව ක්‍රියා කරනවා. ඔවුන් හෝටල් කර්මාන්තය වෙනුවෙන් නොවෙයි ක්‍රියාකරන්නේ. ඉස්සර මේ රෙගුලාසි පැනවූයේ සංවර්ධනය කියලා එන විදේශ කොම්පැණි වනයට අත ගැසීමෙන් වන හානි නැවැත්වීමටයි. අද රෙගුලාසිවලින් ප්‍රශ්න ඇතිවිය හැකියි. කළමනාකරණ සැලැස්ම හැදුවෙ අවුරුදු 5කටයි. දැන් කාලයක් නෑ. හදන සැලැස්මක් විදේශ කොම්පැනියකට වුවත් දෙන්න පුළුවන්. සාමාන්‍ය ජනතාවට දෙන සහනවලට මුවාවෙලා වෙන ප්‍රයෝජන ගන්න අය නිසා වනාන්තරවලට හානි සිදුවිය හැකියි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා (සජබ) :

පඬුකරඳ ගහ නිවන් දැක්කා. ඒ ගැන කතා කළ දේවානිලත් අතුරුදන්වෙලා. පඬුකරඳ ගහ නිවන් දකින්න මූලික දේ වුනේ ජනපතිගේ පැමිණීම නිසයි.

පාර්ලිමේන්තුව නැවත අද (21දා) දින පෙරවරු 9.30ට යළි රැස්වේ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන.

advertistmentadvertistment
advertistmentadvertistment