කොට කලිසම් ඇඳගත් 18 දෙනෙක් නවාතැන් ගත් හෝටලයට පැමිණ බස් රථය පැහැරගෙන යෑමට තැත්කළා – අසංක පියදර්ශන

970
ජායාරූපයෙන් දැක්වෙන්නේ පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අසංක පියදර්ශන මහතා

කන්දකාඩු රැඳවියන් බස්රථයක් පැහැරගැනීමට තැත්කිරීමේ සිද්ධිය

කොට කලිසම් ඇඳගත් නිල් පාට ටී ෂර්ට් ඇඳගත් තරුණයන් 18 දෙනෙක් පමණ අපි නවාතැන් ගෙන සිටි හෝටලයට පැමිණ අපි පැමිණි බස් රථය පැහැරගෙන යෑමට තැත්කළා. බසයේ යතුරු නොදුන් නිසා මට පිහියකින් පහරදුන් බව පොලොන්නරුව රෝහලේ 2 වාට්ටුවේ ප්‍රතිකාර ලබන පිළියන්දල සිට පැමිණි අසංක පියදර්ශන මහතා පවසයි.

සෝමාවතිය චෛත්‍යය වැඳ පුදාගෙන බැංකු සංචාරක නවාතැන් පළක පෙරේදා 3 වෙනි දින අපි සෝමාවතිය චෛත්‍යය වඳින්න ආවේ. අපි නවාතැන් ගත් නිවසේ සිටියදී රාත්‍රී 12.15 පමණ නිල් පාට ටී ෂර්ට් ඇඳගත් තරුණයන් අපි නැවතී සිටි කාමරය ළඟට ආවා. මේ අයගෙන් දෙදෙනකු උඩ මහලයට එනවා මා දැක්කා. මා පඩි පෙළ දිග පහළට බහින විට මට එක් අයකු කීවා අපිට යන්න ඕන බස් එකෙන් අපි පාරට එක්ක යන්න කීවා. එහෙම කිව් පසු බසයේ යතුර ඉල්ලා මට පහර දුන්නා. එක් අයෙකු මගේ බෙල්ල දෙසට පිහියකින් පහරදුන් අවස්ථාවේ මා ඔහුට අතින් පහර දුන්නා. පිහිපහරට මගේ වම් අත කැපුනා. ඒ අවස්ථාවේ අයියා කෑගහගෙන එනවා දැක මෙම තරුණයන් පිටව ගියා.

එම අවස්ථාවේම අයියා මාව පොලොන්නරුව රොහලේ 2 වාට්ටුවේ නතර කළා. පිළියන්දල සිට අපි ආවේ. අපේ කටිටිය රියැදුරත් එක්ක 19 දෙනෙක් පැමිණි බව අසංක පියදර්ශන මහතා කියයි.

මෙම සිද්ධිය පිළිබඳ පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ද සිල්වා සහකාර පොලිස් අධිකාරි චානක ද සිල්වා, වැලිකන්ද සහකාර පොලිස් අධිකාරි ප්‍රගති අබේසිංහ යන මහතුන්ගේ උපදෙස් පරිදි වැලිකන්ද පොලිසිය සහ පුලස්තිගම පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වන අතර මෙම පහරදී හා බස් රථ පැහැරගෙන යෑමට උත්සාහ කළ පිරිස කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් පැමිණි තරුණයන් බවට පොලිසිය සැකකරන බව සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීයකු සඳහන් කළේය.

ඇලහැර – නිශ්ශංක වෙලගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment