වමනයෙන් මියගිය කාන්තාවට කොවිඩ්

595

වමනය යෑම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඉකුත් 25 වැනිදා ඇතුළත් කර ඇති එකම පවුලේ කාන්තාවන් දෙදෙනකුගෙන් එක් කාන්තාවක ඊට පැය දෙකකට පමණ පසුව මියගොස් ඇති අතර පසුව සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවකදී එම මියගිය කාන්තාවට කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ යක්කල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 63ක් වූ විවාහක කාන්තාවකි.

රෝහල්ගත කෙරුණු එම කාන්තාගේ වැඩිමහල් සොහොයුරියගේද ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කර ඇති අතර ඇයට ද කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇති බව වීරගුල පොලිසිය පවසයි.

එම කාන්තාව මේ වන විට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මියගිය කාන්තාවගේ දේහය පවුලේ ඥාතීන් වෙත භාරදීමෙන් අනතුරුව නිවසට රැගෙන නොගොස් කසගහවත්ත ආදාහනාගාරයේදී 27 වැනිදා ආදාහනය කෙරුණු බව පොලිසිය පවසයි.

වේයන්ගොඩ -ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment