නුගේගොඩ සමුද්‍රදේවී 97% කට උසස් පෙළ වරම්

140

පසුගිය 2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි තම පාසලේ සිසුවියන්ගෙන් සියයට 97 ක් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබා ඇතැයි නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා විiාලයේ විදුහල්තිනි සුරේකා සිරිවර්ධන මහත්මිය ‘දිවයින’ ට පැවැසුවාය.

මෙම සාමාන්‍ය පෙළ විභාගය සඳහා පසුගිය වසරේදී සිසුවියන් 274 දෙනකු පෙනී සිටිය බවද ඇය සඳහන් කළාය. සිය ආචාර්ය මණ්ඩලයද එම සිසුවියන්ට අධ්‍යාපන කටයුතු ලබාදෙමින් මහත් කැපකිරීමක් කළ බවද ඇය කියා සිටියාය. මෙලෙස සාමාන්‍ය පෙළ විභාගය සමත්වූ විදුහලේ සියලූම සිසුවියන්ට සිය සුභාෂිංශන එක්කරන බවද විදුහල්තිනිය වැඩිදුරටත් සඳහන් කළාය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment