කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ නිලවරණයට වාරණයක්

82

ඊයේ (15දා) පැවැත්වීමට නියමිතව තිබූ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ 2024 නිලවරණය වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා වාරණ නියෝගයක් නිකුත් කළේය.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ශාන්ත පෙරේරා, ලේකම් දීපිකා කුමාරි හෙට්ටිමුල්ල, උප සභාපති නීතිඥ මර්වින් එම්. සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු 15 දෙනකුට එම වාරණ නියෝගය නිකුත් කෙරිණි. එම නීතිඥ සංගමයේ සාමාජිකයකු වන නීතිඥ සුමිත්‍ර වෛද්‍යසේකර මහතා විසින් නීතිඥ තුෂාරි ජයවර්ධන මහත්මිය මගින් ගොනුකර තිබූ පැමිණිල්ලක් කැඳවූ අවස්ථාවේදී නීතිඥ වසන්ත විදානගේ මහතා දැක්වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය. එම වගඋත්තරකරුවන්ට ලබන 27 වැනිදා එම පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වන ලෙසට දන්වා අතුරු තහනම් දැන්වීම් හා නොතිසි යැවීමට ද විනිසුරුවරයා නියෝග කළේය. වර්තමාන නිලධාරි මණ්ඩලය විසින් එම නිලවරණය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ මේ වනවිට සම්පූර්ණයෙන්ම සම්මත කර නොමැති ඊනියා සංශෝධන පදනම්ව බවත් එය නීති විරෝධී බවත් පෙත්සම්කාර නීතිඥවරයා අධිකරණයට පැවසීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment