ආණ්ඩුව කළ වැඩේ හෙළා දකිනවා සජබ මිහින්තලේ විදුලි බිල ගෙවනවා – සජිත් කියයි

307

ඓතිහාසික මිහින්තලා පුදබිමේ ඊයේ විදුලි කප්පාදුවක් සිදු වූ බවත් බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩක් වැනි මිහින්තලා පුදබිමට රජය සිදු කළ මේ ක්‍රියාව තරයේ හෙළා දකින බවත් රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති මොහොතක එම උත්තරීතර නීතිය පවා උල්ලංඝනය කරමින් රජය සිදු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයත් සමගි බෞද්ධ උපදේශන කමිටුවත් එකට එකතු වී මේ පිරිවැය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අවවාද උපදෙස් මත දැරීමට තීරණය කළ බවත් රජය විසින් සිදු කළ මේ ක්‍රියාව පරාජය කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනාධිපති අරමුදලින් හෝ බුද්ධසාසන අරමුදලින් මේ මුදල් පියවීමට කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටින බවය.

advertistmentadvertistment
advertistmentadvertistment